Sunday, July 31, 2011

අසරණ මව දරු දුකින් වැලපෙයි



මිනිස්සු මිහිපිට උපදින්නේ දුක් විඳින්න හිතාගෙන නෙමෙයි. ඒක ඔබ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක්. ඒත් ලබා උපන් හැටියට මහ පොළවේ පය ගහලා මොන අයුරින් හරි අපිට ජීවත්වෙන්න සිද්ධ වෙනවා. සමහරු සත්මහල් මාලිගාවල උපදිනකොට තවත් සමහරු වැහැරිලා ගිය පොල් අතු පැලක උපදින්නේ පතාගෙන එන විදිහට නෙමෙයි තමන්ට ලැබෙන විදිහට. මේක තමයි ඇත්ත.

ඒ හැම දේටම අපි පෙර කළ පින් පව් බලපානවා කියලත් ඔබ දන්නවා. හිතන්න. සමහරු උපතින්ම ශරීර සෞඛ්‍යයෙන් යහපත් වුණත් තවත් සමහරු උපතින්ම රැගෙන එන්නේ රෝගාබාධ විතරයි. ඒ මොන විදිහට අපි මේ මහ පොළවට පය ගැහැව්වත් ජීවිතේ ගෙවන්න දිරියක් දෙන්න වෙන්නේ අම්මටයි තාත්තටයි ඇර වෙන කාට ද?

අද වයස අවුරුදු හතළිස් පහක් වයසැති පුෂ්පා චන්ද්‍රානි මව තම ආදරණිය එකම දියණිය වෙනුවෙන් ඉන්නේ හැඬු කඳුළෙන්. ඒ ඇයි? එය ඔබට අපට ප්‍රශ්නාර්ථයක් වුණත් චන්ද්‍රානිට අද ඉතිරිව ඇත්තේ ඔබ ඉදිරියේ තමන්ගේ දුවගේ අඳෙීනාව කියාපෑම විතරමයි. ඒ කතාව අපි ‘කඳුළක උණුසුම’ ඔස්සේ ඔබ ඉදිරියට ගෙනෙන්නේ මෙතුවක් කාලයක් ඔබ අසරණ මිනිසුන් උදෙසා දිගු කළ දෑත් මේ දියණිය වෙනුවෙන් යොමු වේවි කියන බලාපොරොත්තුවෙන්.

“මගේ දුව සෂිණි අමිතදරාට දැන් අවුරුදු 14 ක්. අපි පදිංචි වෙලා ඉන්නේ පන්සල පාරේ හොරපේ රාගම. දුව උපදිනකොටම එයා හොඳ ශරීර සනීපයෙන් හිටියේ. කිසිම ආබාධයක් තිබුණේ නැහැ. ඒත් පහුවෙනකොට දුවගේ යම් යම් වෙනස්කම් අපි දැකපු නිසා කොළඹ මහ රෝහලට දුව එක්කරගෙන ගියා. එතැනදි කිව්වා දුවගේ ඔළුවේ වතුර තියෙනවා ඒ නිසා ඒකට සැත්කමක් කරන්න ඕන කියලා. පස්සේ සුනිල් පෙරේරා දොස්තර මහත්තයා මේ සැත්කම දුවට කළේ. ඊට පස්සේ යම් සහනයක් තිබුණා. ඔහොම ඉන්න අතරතුර දුවට ස්කෝලේ යන්නත් පුළුවන්කම ලැබුණා. හීන් කෙන්ද මහා විද්‍යාලයට තුන වසර දක්වාම දුව ගියා. ඒ අතරතුරදියි නැවත වතාවක් දුවව අසනීප වෙන්න ගත්තේ. උණ ගැනෙන්න ගත්තා වමනය යන්න ගත්තා එක දිගට. ඒක අඩුවුණේම නැහැ. අපි ආපහු දුව කොළඹ මහ ඉස්පිරිතාලේට අරගෙන ගියා. එතැනින් පස්සේ අපිට වෙන්න තියෙන හැමදේම සිද්ධ වුණා මහත්තයෝ.”

සෂිණි දියණිය කොළඹ මහ රෝහලට රැගෙන එන්නේ හදිසියේම වැලඳුණ උණ සනීප කරගැනීමේ අරමුණින්. ඒත් මීට පෙරත් ඔළුවට පිරෙන වතුර නිසා කළ සැත්කමත් ඒ ආබාධයත් මේ දියණියට බලපා තිබුණා. ඒ නිසාම මේ වන විටත් සැත්කම් 17 කට මුහුණ දෙන්න ඇයට සිද්ධ වෙලා. ඒත් මෙතුවක් කලක් දෙපයින් මහ පොළවේ පය ගහපු සෂිණිට සදාකාලිකවම එක්තැන් වෙන්නට සිද්ධ වුණා. අද ඇය රෝද පුටුවකට සිය ජීවිතය තල්ලුකර අවුරුදු පහක්.

“මම අවුරුදු පහක් තිස්සේ දුව එක්ක මේ දුක් කරදර විඳිනවා. එයාගේ සම්පූර්ණ ශරීරයම දැන් පණ නැහැ. ඒ නිසා රෝද පුටුවක හිටියත් ශරීරය රෝද පුටුවකට තියලා බැඳලා කියන්න ඕන. අද එයාගේ හැමදේම කරන්නේ මම. අම්මා කෙනෙක් විදිහට මට මගේ දරුවට අහිතක් වෙනවා බලන් ඉන්න බැහැ. කොහොමහරි එයාට එයාගේ වැඩ කරගන්න පුළුවන් මට්ටමට හරි සනීප කරගන්නයි මම උත්සාහ ගන්නේ.”

ලබා උපන් හැටියෙම මහමඟට සිය ලෙයින් උපන් බිලිඳුන් විසිකර දමා යන සමාජයක එවැනි මාතෘත්වයේ නාමය නොහඳුනන අයට පුෂ්පා චන්ද්‍රානි අම්මා ලොකු ආදර්ශයක් කියලා කියන්නම වෙනවා.

අපි දන්නවා මෙවන් අම්මලා සිය දහස් ගණනක් අපේ රටේ ඉන්නවා. ඒත් තමන්ගේ දරුවෙක් ලෙඩ වුණාම ඒ දුක දන්නේ මේ දාරක ස්නෙහය හඳුනන මව්පියන් විතරමයි.

“මට හරිහමන් රැකියාවක් නැහැ. මගේ මහත්තයා කරන්නෙත් කුලී වැඩ. මම දුවත් රැකගෙන හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඇත්තම කිව්වොත් අපේ පවුලේ අයටවත් මට උදව්වක් කරන්න හැකියාවක් නැහැ. දුවට දැන් ටිකක් වචන දෙක තුනක් කියාගන්න පුළුවන්. නිතරම කන්න තමයි ඉල්ලන්නේ. ඒත් එහෙම ලොකු ආර්ථිකයක් නැතුව අපි ගොඩක් අමාරුකම් මැද්දේ ඉන්නේ. දොස්තරලා කියන්නේ දුවට දීර්ඝ කාලයක් මේ විදිහට ඉන්න වෙයි කියලයි. පුළුවන්නම් මහත්තයෝ මට මේ දරුවව බලාගන්න උදව්වක් කරන්න කියලා ලියන්න.

මේ වෙනකොටත් දුවගේ බේත් හේත්වලට, කිරිවලට ලොකු මුදලක් හොයාගන්න ඕන. සමහර තැන්වලට මම ණය වෙලා දුවට බෙහෙත් ටික අරගෙන දෙන්නේ. මට කුලියක්වත් කරගන්න යන්න විදිහක් නැහැ මේ දරුවව මේ විදිහට තනියම දාලා. අපි ඉන්නේ කුලියට. ඒත් දැන් හරිහැටි කුලිය ගෙවා ගන්න බැරුව අපි ඉන්නේ. එහෙම වුණොත් මට මේ දරුවව අරගෙන පාරට බහින්නයි වෙන්නේ.”

බලන්න මිනිස්සු මෙතරම් අසරණ වෙනකොට ඒ අසරණකමට එක්වෙන්නේ තවත් ප්‍රශ්න විතරමයි. අද මේ දියණියත් එක්ක පුෂ්පාත් සිය සැමියාත් හව්හරණක් නැතුව අන්ත අසරණ වෙලා. අපි මේ කතාව ඔබ ඉදිරියේ කියන්නේ පුළුවන්නම් මේ කඳුළුවලට සරණක් වෙන්න බලන්න. ඒ වගේම මේ දියණිය බේරගන්න හැකි අයුරින් උදව්වක් කළොත් ඒකත් මේ පවුලට කරන විශාල පුණ්‍ය කර්මයක් කියලා ඔබට හිතෙයි.

ලිපිනය - නො. 69, පන්සල පාර, හොරපේ, රාගම.

දුරකතනය - 0725076622



වසන්ත ජයසිංහ ආරච්චි - 2011.07.31 - Silumina

Monday, July 25, 2011

ශ්‍රවණාධාර උපකරණයක්‌ ගැනීමට ආධාර කරමු


වැලිපිටිය ප්‍රා. ලේ. කොට්‌ඨාසයේ නිවිතිවැල් බොක්‌ක ග්‍රාම නිලධාරී වසමේ නිවිතිවැල්බොක්‌ක, කනංකෙ කඩවීදිය යන ලිපිනයේ පදිංචි එච්. එම්. ටී. ටී. සෙව්වන්දි වෛද්‍යතිලක නමැති අවු. 01 මාස 09 වයසැති මේ කුඩා දියණිය උපතින්ම ශ්‍රවණාබාධිතය. මෙතෙක්‌ කරාපිටිය ශික්‍ෂණ රෝහල, කොළඹ ළමා රෝහල යන ස්‌ථානවලින් කළ පරීක්‍ෂණයන්ට අනුව මෙම තත්ත්වය ප්‍රතිකාරවලින් සුවකළ නොහැකි බැවින් ඒ සඳහා ශ්‍රවණාධාර උපකරණයක්‌ සම්බන්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.

ඒ සඳහා වැය වන මුදල රු 4,50,000 ක්‌ බවට ගණන් බලා ඇති අතර ස්‌ථිර රැකියාවක්‌ නොමැති දියණියගේ පියා වන ජයන්ත වෛද්‍යතිලක මහතාට එතරම් විශාල මුදලක්‌ සොයා ගැනීම විශාල ගැටලුවකි.

එබැවින් මෙම දැරිය සුවකර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඉමදුව ලංකා බැංකුවේ 71658519 ගිණුමක්‌ ආරම්භ කර ඇත. ඔබගේ ආධාර එම ගිණුමට බැරකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටී. 0724576742 දුරකථන අංකයෙන් වැඩි විස්‌තර ලබාගත හැක.

2011.07.26 - Divaina

Tuesday, July 12, 2011

සිඩ්නි නගරයේ ශ්‍රී ලාංකිකයාට පිහිට වෙන්න මේ පාරෙන් එන්න



ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන තරුණ පියාගේ ජීවිතය බේරාගැනීම සඳහා ශ්‍රී ලාංකික පසුබිමක් සහිත රුධිර පටක දායකයෙකු සිටීනම් පහත සඳහන් අංක හා ලිපිනයන්ගෙන් විමසන ලෙස දන්වන්නැයි පවුලේ උදවිය අද දෙරණට දන්වා තිබේ.

ශෙහාන් ප්‍රනාන්දු නම් මෙම 33 හැවිරිදි පුද්ගලයා ඔහුගේ පළමු පුතුගේ උපතින් දින කිහිපයකට පසුව සිට දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී තිබූ බව අද දෙරණ විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලදී.

මාස 03 ට පසුව ප්‍රනාන්දු මහතාගේ ජීවිතය බේරාගැනීම සඳහා රුධිර පටක බද්ධ කිරීමක් සිදුකිරීමට සිදුව ඇති අතර ඒ සඳහා දායකයින් 600 දෙනෙකු පමණ ඉදිරිපත්ව ඇති නමුත් ඔහුට ගැළපෙන දායකයකු හමුවී නොමැත..

ශෙහාන් ප්‍රනාන්දු මහතාගේ ජීවිතය ගලවාගැනීම සඳහා රුධිර පටක දායකයකු මොනාෂ් නගරයෙන් සොයාගැනීමට බලාපොරොත්තු වන අතර එම නගරයේ ශ්‍රී ලාංකිකයින් 4300 දෙනෙකුට වැඩි පිරිසක් වෙසෙන බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයෙකුගේ රුධිර පටක ප්‍රනාන්දු මහතාට අවශ්‍ය රුධිර පටක සමග ගැලපීමේ වැඩි අවස්ථාවක පවතින බැවින් ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඔබට දායකවිය හැකිනම් පහත ලිපිනයන්ගෙන් හා දුරකථන අංකයන්ගෙන් විමසන ලෙස දන්වා සිටිමු.

පරිත්‍යාගශීලී ඔබගේ රුධිර පටක රෝගීයාගේ රුධිර පටක හා ගැලපෙන්නේද යන්න පරීක්ෂා කරවා ගැනීමට ජූලි 19 වන දින ප.ව.3.00-7.00 දක්වා Red Cross Australia, No. 358 Haughton Road, Clayton, Melbourne යන ලිපිනයේ පැවැත්වෙන වෛද්‍ය සායනයේදී සිදුකළ හැකිය. විමසීම්-

Contact in Australia : Sherwell and Carmini – 612-89013049, 61-0438388122

Contact in Sri Lanka : Roshani 0775879050, Ramesh 0785000227

අද දෙරණ July 13, 2011 10:26 am

Monday, July 11, 2011

උපකාරයක්‌ කළොත් ලොකු පිනක්‌


දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සල්පිටිගම මහවැලි ගම්මානයේ පදිංචි එA. ජී. හීන්මැණිකා තිදරු මවකි. සේයාරුවින් දැක්‌වෙන ඇගේ වැඩිමල් දරුවා නීල් අසංක (අවු. 13) උපතින්ම ආබාධිත අයෙකි. දෙවැනි දරුවා ප්‍රදීප් කුමාර (අවු. 11) සල්පිටිගම මහ විදුහලේ 6 ශේ්‍රණියේ සහ බාලම දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබයි. මහවැලියේ ඉඩම් මේ අයට හිමිවී නැත. හීන්මැණිකාගේ සැමියාට ස්‌ථිර රැකියාවක්‌ ද නැත. කුලී වැඩ කරමින් දරුවන්ට උගන්වන්නට වෙහෙසෙන මේ දෙපළට වැඩිමල් අසනීප සහිත දරුවා නඩත්තු කිරීමට විශාල කැප කිරීමක්‌ කිරීමට සිදුව තිබේ. පසුගිය ගංවතුර අවස්‌ථාවේදීත් පීඩාවට පත්වූ මේ පවුලට උපකාරයක්‌ කළ හැකි නම් එය ඉතා වැදගත් පුණ්‍ය කටයුත්තකි. 3/197 අනවසර, සල්පිටිගම, දෙහිඅත්තකණ්‌ඩිය මේ අයගේ ලිපිනයයි.

සටහන සහ සේයාරූ-දිඹුලාගල - ප්‍රසන්න සිල්වා (2011.07.12 - Divaina.)

නන්දනගේ දෑස්‌ සුවපත් කිරීමට අපිත් පිහිට වෙමු


බුලත්සිංහල, මෝල්කාව පදිංචි පට්‌ටියවත්තගේ නන්දන පෙරේරා (32) මහතා හදිසි අනතුරකින් දෑස්‌ අන්ධව සිටියි.

ඔහුගේ දෑස්‌ සුවපත් කිරීම සඳහා රුපියල් ලක්‍ෂ තුනක්‌ පමණ වැය වෙන බව ලංකා හොස්‌පිටල්හි වෛද්‍ය රාඡේස්‌ ෙµdග්ලා මහතා නිර්දේශ කර තිබේ.

මෙම තරුණයාගේ දෑස්‌ සුවපත් කරගැනීම සඳහා ඔහු සතුව එතරම් මුදලක්‌ නැති නිසා පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර පතයි. එම මුදල් ආධාර බුලත්සිංහල මහජන බැංකුවේ ගිණුම් අංක 161 200110018165 වෙත යොමු කළ හැකිය.

2011.07.12 - Divaina

Sunday, July 10, 2011

සිහ ශක්ති ආනන්ද ජීවත් කරවමු



කණ්ඩායම් සංගීතයේ යුග පුරුෂයෙකු ආනන්ද පෙරේරා මහතා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ හැට පස් ( 65) වැනි වාට්ටුවේ මේවන විට නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඔහුගේ වකුගඩු දෙකම මේවන විට අක‍්‍රිය වී ඇතැයි පැවසේ.

වෛද්‍ය නිගමනය වී ඇත්තේ හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

මේවන විට ඔහුට නොමිලේ එක් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට අයෙකු ඉදිරිපත්වී ඇති බවත් වාර්තා වේ.

ඔහු වෙනුවෙන් පරිත්‍යාග ශීලී අයෙකු වෙත්නම් ලංකා බැංකුව, මහනුවර ශාඛාවේ ගිනුම් අංක 70737142 යට පරිත්‍යාග එවන ලෙස ඔහුගේ බිරිය ඉල්ලා සිටී.

ඔහු පිළිබඳව වැඩිදුර විමසීම් 0779398150 යන දුරකතන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහුගේ බිරිය මංගලා සඳහන් කළාය.

ආනන්දගේ සම්පූර්ණ කතාව මෙසේය.

ආනන්ද පෙරේරා යනු අප ආදරේ කරන සංගීත ක්ෂේත‍්‍රයේ සිටින ප‍්‍රවීණ ශිල්පියෙකිග 1973 වසරේ සිට කණ්ඩායම් සංගීත ශිල්පියෙකු ලෙස සංගීත ලොවට අවතීර්ණ වූ ඔහු රසිකයින් අතර වඩාත් ජනප‍්‍රියත්වයට පත් වූයේ 'සිහ ශක්ති’ කණ්ඩායමේ ඇරැඹුමත් සමගින් යැයි කීවොත් නිවැරැදිය.

ඔහු එහි නායකයා වියග කණ්ඩායමේ අනෙකුත් සහෝදර ශිල්පීන් සමග අත්වැල් අල්ලා ගනිමින් නැවුම් සංගීත රටාවක් මවන්නට ඔහු සිය ජීවිතය කැප කළේය.

ඔහු අතින් කොතරම් මිහිරි ගී තනු නිර්මාණය වීද? කණ්ඩායම් සංගීතය තුළ කිසිදු වටිනාකමක් නොතිබූ දවුලලතමැට්ටමට වටිනා අගයක් දුන්නේ ඔවුන්යග ශ‍්‍රියා මන මත් වී මාගේ දැකලා උන්මාද වේවී .... ඔහුගේ සුමියුරු හඬ තවමත් මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙයි.

ජන ගීයට සැබෑ ලෙසම ආදරය කළ ඔහුගේ හඬින් අද ගීත ගැයෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු යදින්නේ ජීවිතයයි. ඇත්තටම ආනන්දට කුමක් වෙලාද? මේ ආරංචිය ආනන්දගේ රසිකයන්ට නම් දැඩි සංවේගයක් ගෙන දෙන බව නම් සැබෑය.

ලොකු දුව ශානිකාල බිරිය මංගලාල පොඩි පුතු ඉසුරු (කුඩා කලදී) දෙවැනියා පුතා තාරක සමග.

ආනන්දගේ දයාබර බිරිය මංගලා මේ මුළු කාලයම කැප කළේ ආනන්දට සුදුසු වකුගඩුවක් පරිත්‍යාග කරන්නට හැකි පරිත්‍යාගශීලියකු සොයා ගැනීමටය.

‘වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කිහිප දෙනෙක්ම මේ වෙන කොට ඉදිරිපත් වෙලා ඉන්නවා. එයින් කිහිප දෙනෙක් නොමිලේම තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්නවාග ඒක මේ වෙලාවේ අපට විශාල ශක්තියක්.

ඒ වුණත් තවත් සමහර අය ලක්ෂ 4, 5 ත් ඉල්ලා සිටියා. එක් පුද්ගලයෙක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියා. මොනවා කරන්නද කොහොම හරි මහත්තයව බේරා ගන්න එකයි මගේ එකම අධිෂ්ඨානය.

මේ අයගෙන් කිහිප දෙනෙක්ම මේ වෙන කොටත් වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටිනවා.

දොස්තර වසීල්, දොස්තර අබේසේකර සහ දොස්තර හරිස්චන්ද‍්‍ර ඇතුළු කාර්ය මණ්ඩලයම බොහොම කාරුණිකව මෙම කාර්යයට ඇප කැප වී සිටින බවත් කියන්නට ඕනෑ. වකුගඩුව බද්ධ කරන අවස්ථාව වන විට අවශ්‍ය කරන සමහර ඖෂධ සඳහා රුපියල් ලක්ෂ 3 ක් පමණ සූදානම් කරගෙන සිටින ලෙසත් අපට උපදෙස් දීලා තියෙනවා.’
ඇය පවසන ආකාරයට නම් ඇත්තටම මෙවැනි මුදලක් මේ හදිසියේ සොයා ගැනීමට ආනන්දගේ පවුලේ අයට හැකියාවක් නැත.

‘මම හම්බ කරපු සියලූ දේ වියදම් කළේ පොඩි පුතාගේ අසනීපය වෙනුවෙන් සහ අනිත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටයි. මම සංගීත ශිල්පියෙක් වුණාට කෑදරකමින් සල්ලි හම්බ කළේ නැහැ.

මම සල්ලි හම්බ කළේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරලා, සංගීතය උතුම් කොට සලකලා.

ඒ වුණත් මට මගේ රත්තරන් පුතාව බේර ගන්න බැරි වුණා.’ ආනන්ද තවමත් දුක් වන්නේ ඔවුන් අතැර සුරලොව ගිය පුංචි පුතු ඉසුරු ගැනයි.

ආනන්දගේ අසනීපයට ප‍්‍රධාන හේතුවක් වුණෙත් ඉසුරු පුතාගේ රෝගී තත්ත්වයයි.

පුංචි ඉසුරු ලක්ෂිත පුතා ඉපදිලා හරියටම අවුරුදු 1 1/2 ක් වන කොට තමයි මේ අවාසනාවන්ත සිද්ධියේ ඇරැඹුම සිදු වන්නේ. මේ වෙන කොටත් ඉසුරු පිළිකා මාරයාගේ ගොදුරක් වෙලා තිබුණු බව ආනන්දයි, මංගලයි දැනගෙන හිටියේ නැහැ.

පුතාට අවුරුදු 1 1/2 දි තමයි ආනන්දලට පුතාගෙ අසනීපය ගැන සැක හැර දැනගන්නට ලැබුණෙ. මොන අම්මද, තාත්තද මේ තරම් දුකක් දරා ගෙන ඉන්නෙ. ඒ වෙන කොටත් ආනන්ද, දැනගෙන හිටියා පුතාව ජීවත් කර වන්න නොහැකි බව.

ඒ වුණත් ආනන්දයි, මංගලයි කරන්න පුළුවන් හැම දෙයක්ම පුතා වෙනුවෙන් කළා. පුතාවත් කර ගහගෙන යන්න පුළුවන් හැම වෛද්‍ය පරීක්ෂණයකටම ගියා. වරක් මේ දෙන්නා පුතාවත් අරගෙන ඉන්දියාවටත් ගියේ මොන විදිහකින් හරි පුංචි ඉසුරුට ජීවිතය දෙන්න ලැබෙයි කියන පුංචි හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.

‘පුතාගේ අසනීපයෙන් ආනන්ද මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙන් ද විශාල කඩා වැටීමකට ලක් වුණා. මේ නිසාම 2003 දී විතර ආනන්දගේ ඇගේ දකුණු පැත්ත පණ නැති වුණා.

එයාවත් සුව කර ගන්න හුගාක් මහන්සි වෙන්න වුණා. එක අවස්ථාවකදී පුතයි, ආනන්දයි දෙන්නම නුවර හොස්පිට්ල් එකේ වාට්ටු දෙකක හිටියා. ඒ වෙලාවේ ආනන්දගේ මානසික තත්ත්වය මොන වගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.’ මංගලා පැවසුවේ ආනන්ද පළමු වරට අසනීප වුණු ඒ අතීතයේ අමිහිරි මතකය මෙනෙහි කරමින්.

පුතාගෙ අසනීපය දැන ගත්ත දවසේ ඉඳලම ආනන්ද හදවතින් හඬා වැළපුණා.
ඇතැම් වෙලාවකට එළිමහන් ප‍්‍රසංගයක සිංදු කියනවා දකින කොට මිනිස්සුන්ට හිතෙනවා ඇති ආනන්දගේ අභ්‍යන්තරයත් ඒ වගේ කියලා.

නෑ ඒක එහෙම නෙමෙයි. සිංදු කියලා ගෙදර ආවහම පුතා දකිද්දී ඔහු නැවතත් අර මානසික මට්ටමට වැටෙනවා.

මේ කාලයේදී ආනන්දගේ සංගීත දිවියත් විශාල කඩා වැටීමකට ලක් වුණා.

ගෙදර ඉඳන් නිර්මාණයක් කරන්න වුණත් ආනන්දට හිත දුන්නෙ නැහැ. ඔහු ඒ වෙලාවට කළේ සංගීත භාණ්ඩයක් අරගෙන නිවසින් පිට වෙලා ඒ දේ කිරීමයි. ඒ තරමටම ආනන්දගෙ හිත විශාල පීඩනයකින් පිරිලා තිබුණේ.

ආනන්ද රෝගාතුර වුණේ දැඩි මානසික ආතතියකට ලක් වී සිටි නිසා බව වෛද්‍යවරු නිගමනය කළා. මේ සියල්ලට බලපෑවේ පුංචි ඉසුරුගේ රෝගී තත්ත්වයයි.

කොහොම හරි නිසි වෛද්‍ය ප‍්‍රතිකාර නිසාම ආනන්ද ක‍්‍රමයෙන් නිරෝගී තත්ත්වයට පත් වුණා. නමුත් ඉසුරු පුතා ...... ඔහුගේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙන්න පටන් ගත්තා. ඒත් පුතා නම් ඔහු රෝගියෙක් කියලා හිතුවෙම නැහැ. සුපුරුදු පරිදි කෙළි දෙළෙන් ඔහු කාලය ගත කළා.

හරියටම ඉසුරු දැනුම් තේරුම් වෙන වයස වෙන කොට එයත් දැනගෙන හිටියා එයාගේ රෝගී තත්ත්වය. ඒ අවාසනාවන්ත දිනය උදා වුණේ 2006 ඔක්තෝබර් 3 වැනිදා. අවුරුදු නවයක් පිරෙන කොට පුංචි ඉසුරුගේ දෛවයේ ලියැ වී තිබුණා ඒ තමයි ඔහුගේ අවසන් දවස කියා. ඉසුරු සියල්ලම හැර දා යළි නොඑන්නටම ගියා.

මේ සිදුවීමත් සමග ආනන්දගේ රෝගී තත්ත්වය නැවතත් මතුවෙන්න ගත්තා වෙනස් ආකාරයකින්.

‘මීට අවුරුදු දෙකකට විතර ඉස්සර මා වකුගඩු රෝගයකින් පෙළුණා. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ප‍්‍රතිකාරත් ගත්තා.

ටික කලකට පසුව සංගීත කටයුතුත් නිසා ක‍්‍රමානුකූලව ප‍්‍රතිකාර ගැනීම අපහසු වුණා. මේ නිසා යළිත් රෝගය උත්සන්න වුණාග දැන් වකුගඩු දෙකම අක‍්‍රිය වෙලා.

මගේ ජීවිතය බේර ගන්න නම් එක වකුගඩුවක් හෝ බද්ධ කළ යුතු බවයි වෛද්‍යවරුන් කියන්නේ. මේ වෙන කොටත් මගේ ලේ මාරු කිරීම්, පිරිසුදු කිරීම් කෙරෙමින් තියෙනවා. ආනන්ද ඒ වචන ටික මිමුණුවෙ බලාපොරොත්තු රැසක් හදේ දරගෙන.

මීට පෙරත් අපට මතකයි ආනන්ද අසනීප වුණු අවස්ථාවේ සහෝදර ශිල්පීන් එකාවන්ව ආනන්දට උපකාර කරන්නට ඉදිරිපත් වුණු හැටි. ඒ සියල්ලන්ට ආනන්ද හදවතින්ම අදත් පිං දෙනවා.

කොහොමටත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නට හිත දෙන්නත් සංවේදී හදවතක් තියෙන්න ඕනෑ.

අපි දන්නවා අපේ කලාකරුවන්ගේ, රසික රසිකාවන්ගේ හදවත් මේ වගේ වෙලාවට ඉක්මනටම උණු වෙන බව.

මේ වෙලාවෙත් ආනන්දට පිහිට වෙන එක අපි සියලූ දෙනාගේම යුතුකමක් කියා හිතලා ඔහුට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ.

එහෙම වුණොත් අපිට ආයෙත් ආනන්දගේ මියුරු හඬින් ගීයක් මිමිණෙන අයුරු බලා සැනසෙන්නට පුළුවන්.

දයාබර සොයුර, ඔබට ඉක්මන් සුවය ලැබේවා. එය අපේ පැතුමයි.

Wednesday, July 6, 2011

පිහිටක්‌වන්න හැකි නම්....



මෙහි සිටින තරුණයා උපතින්ම ආබාධිතයෙකි. ඔහුට වෙනත් අයට මෙන් සිට ගැනීමට නොහැකිය. ඇවිද යන්නේ සතෙකු ගමන් කරන අයුරින්ය. කැබිති ගොල්ලෑව, වව්නියාව පාර පදිංචි එස්‌. අනුරුද්ධ සමරනායක විසිහතර හැවිරිදි මොහු විවාහකයෙකි. බිරිඳ ඉන්ද්‍ර ප්‍රියංගනී (26) දැන් ගැබිනියකි. සිඟමන් අයදිමින් ලැබෙන දෙයින් දවස ගෙවා ගන්නා මේ යුවළට ඉන්න හිටින්න තමන්ගේ කියා නිවසක්‌ නැත. තමන්ට ඉන්න හිටින්නට නව නිවසක්‌ සාදා දෙන ලෙස මෙම ආබාධිත තරුණයා ලක්‌වැසි පින්වතුන්ගෙන් ඉල්ලීමක්‌ කරයි. දුරකථන අංක 072-4426401 විමසන්න.

කැකිරාව - සුදත් ඒකනායක

2011.07.07 - දිවයින

Monday, July 4, 2011

පුංචි තරුල්ට ආධාර කරමු



පුංචි තරුල් මෙත්මිණ පීරිස්‌ගේ වයස අවුරුදු 2 ට ආසන්නය. මේ ළදරුවා "බිලියරි ඇටේ්‍රෂීයා සහ සිරෝසිස්‌" (ඊසකස්‌රහ Aඑරුsස්‌ aබා Cසරරයදිසි දෙ ඛසඩැර) යන රෝගයට ගොදුරු වී ඇති බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් වන ළමා වෛද්‍ය විශේෂඥ දිල්රුක්‍ෂි රුබේරු මහත්මිය සහ ශල්‍ය වෛද්‍ය විශේෂඥ සන්ජය අබේගුණසේකර මහතා විසින් සහතික කර ඇත. මෙම රෝගය ඉතා දුර්ලභ ගණයේ එකකි. තරුල්ට ප්‍රතිකාර කරන මෙරට වෛද්‍යවරු ඔහුගේ ජීවිතය රැක ගැනීමට නම් හැකි ඉක්‌මනින් අක්‌මා බද්ධයක්‌ සිදුකළ යුතු බව පවසති. එසේ කළහොත් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ජීවිතය ගලවා ගත හැකි බවද තහවුරු කර ඇත. මෙම අක්‌මා බද්ධය කිරීමට තරුල්ගේ මවගෙන් අක්‌මා කොටසක්‌ පරිත්‍යාග කෙරෙන අතර මෙම ශල්‍යකර්මය සිදුකිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ග්ලෝබල් හොස්‌ට්‌පිටිල්ස්‌ ඇන්ඩ් හෙල්ත් සිටි යන රෝහලට යා යුතු වේ. ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන 8 ක්‌ වැය වන බව එම රෝහල විසින් ඇස්‌තමේන්තු කර ඇත.

තරුල්ගේ අසනීපයට මේ දක්‌වා අධික වියදමක්‌ දැරීමට තරුල්ගේ දෙමාපියන්ට සිදුව ඇත. එබැවින් ඔවුනට මෙම රුපියල් මිලියන 8 ක මුදල සොයා ගැනීමට පින්වත් ඔබගේ පරිත්‍යාගයන් කාරුණිකව අපේක්‍ෂා කරයි. මේ සඳහා සියලු ආධාර මුදල් සම්පත් බැංකුවේ ගිණුම් අංක 1029 60869146 තරුල් මෙත්මිණ පීරිස්‌ µන්ඩ් කෙලෙක්‌ෂන් ගිණුමට බැර කරන මෙන් ඔහුගේ දෙමාපියෝ කාරුණිකව ඉල්ලා සිටිති. එම පරිත්‍යාගයන් දිවයිනේ ඕනෑම සම්පත් බැංකු ශාඛාවකින් ඉහත ගිණුමට බැර කළ හැකියි. SඋෂFඔ අංකය ඊSAඵඛණඛඞ

මේ පිළිබඳ තොරතුරු 0771051181 (ප්‍රියන්ති), 0772994942 (මහේෂ්) ඇමැතීමෙන්ද ලබාගත හැකිය.

ලියුකේමියාවෙන් පෙළෙන මේ දැරියට පිහිට වෙමු



පිළියන්දල, දැල්තර, අංක 216/8 දරන ස්‌ථානයේ පදිංචි කේ. කේ. නුෂාරා මධුවන්ති නමැති 13 හැවිරිදි දැරිය දරුණු ලියුකේමියා රෝගයෙන් පෙළෙන්නීය.

ඇයගේ රෝගය සුවකර ගැනීම සඳහා හදිසි ශල්‍යකර්මයකට ලක්‌ කළ යුතු බවට මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා විසින් නිර්දේශ කර ඇත.

ඉන්දියාවේ, වෙල්ලෝර්හි පිහිටි රෝහලකදී මෙම ශල්‍යකර්මය සිදු කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 45 ක්‌ වැය වන බවට ගණන් බලා ඇත.

මෙපමණ විශාල මුදලක්‌ වැය කිරීමට ත්‍රිරෝද රථ රියෑදුරකු වන තමාට හැකියාවක්‌ නොමැති බවත්, එA සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර උපකාර බලාපොරොත්තු වන බවත් දැරියගේ පියා වන කේ. කේ. සරත් මහතා "දිවයින"ට පැවසීය.

එම ආධාර මුදල් පිළියන්දල ලංකා බැංකු ශාඛාවේ ඇති අංක 70532433 දරන තමාගේ නමින් වන ගිණුමට බැර කරන ලෙස ද සරත් මහතා ඉල්ලීමක්‌ කරයි. 0729-062468 යන දුරකථන අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර විමසා දැනගත හැකිය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් - 2011.07.05 - දිවයින

Monday, June 27, 2011

කබලෙන් ළිපට වැටුණු අපට ඔබවත් පිහිට වන්න

කෝකියකු වශයෙන් සේවය කළ ලුනාව උයන ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. චන්ද්‍රදාස සහ බිරිඳ සුනාමියට හසුවීමෙන් සියලු සේසත අහිමි විය. යැමට තැනක්‌ නොමැති වූයෙන් යළි මුහුදු තීරයේම පදිංචිව සිටිමින් රැකියාවට යද්දී රිය අනතුරකට ලක්‌වීමෙන් කවුරු හෝ ඔහුව කළුබෝවිල රෝහලට භාර දී ඇත. ඉන් මසකට පමණ පසුව ඔහු මියගිය අතර අද වනතුරු රියට යට කළ කෙනෙක්‌ නොමැත. මොවුන්ගේ එකම පුතා විවාහ වී පිරිමි දරුවකුද සිටියදී බිරිඳ ඔහු අතහැර ගියෙන් ඒ දුකෙන්ම පුතා මියගියේ පුතාගේ පුතා (මුනුබුරා) අම්මට භාරදීමෙනි.

දරුවන් ගඟට දමන, දරුවන් අතරමග දමායන දරුවන් මුදලට විකුණන අම්මාවරුන් සිටින රටක මේ ආච්චී මුනුබුරාව අතරමං කළේ නැත. ඔහුගේ බරද කරට ගෙන ඇය කොස්‌ වෙළෙ¹ම ආරම්භ කළාය.

මේ අතර හෘද රෝගයෙන් පෙළෙන රෝගියකු වන බවට ඇය පත්ව ප්‍රතිකාර ගැනීමට සිදුවී ඇත. ඔවුන් සිටිනා නිවසට පිනට කැමැති නෝනා කෙනෙකු වසරක කුලී ගෙවා තිබුණ අතර ලබන මාසයේදී එම නිවසින් යැමට සිදුවී ඇත.

සමෘද්ධියද නොලැබෙන ඇයට පින් පඩියක්‌ද නොලැබේ. සුනාමියට හසු නොවුණ අයටත් නිවාස ලැබී ඇති අතර තමන්ට එවැනි දෙයක්‌වත් නොලැබුණු බව ඇය පවසන්නීය.

නැති බැරි අයට උදව් කරන සමිති සමාගම් ඇති, අනුන්ට උදව් කිරීමට කැමැති පින්වතුන් සිටන රටක තමන්ට ආධාර ලැබෙතැයි විශ්වාසයකින් සිටින ලීලාවතී මහත්මිය බැංකු ගිණුමක්‌ ආරම්භ කර ඇත. වීදියගේ ලීලාවතී ප්‍රනාන්දු අංක. 191-2-002-5-2808047 රාවතාවත්ත මහජන බැංකුවේ ගිණුමට ආධාර එවීමෙන් ඔබට මෙම පින්කමට දායක වීමට හැකිවනු ඇත.

මොරටුව - හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌ - දිවයින - 2011.06.28

Friday, June 24, 2011

Popular Musician Ananda Perera

17.06.2011 Lankadepa-News paper section 2, page-4, inform that Old Rajan Popular Musician Ananda Perera Critically ill due to kidney failure and now hospitalized at ward no 65 of Kandy Hospital and immediate kidney Transplant needed to save his life. He needs financial assistance to do that also to buy medicine. Please arrange to inform our fellow members and support their very best. All donations can be deposited at Bank of Ceylon-Kandy Branch, Account No-70737142, On account Mr. Ananda Perera.

Wednesday, June 22, 2011

Chamin Lakshitha Makewita - I want your Help to Recover


ආදරණීය අම්මේ, තාත්තෙ.... මාමෙ, නැන්දෙ.... අයියෙ, අක්‌කෙ.... මම කවදාවත් ෆේස්‌ බුක්‌ එකෙන් මෙ විදියට එන්න හිතුවෙ නැහැ. එත් මොනව කරන්නද මට දැන් බෙහෙත් කරනව ලොකු ලෙඩක්‌ කියලා. හැමදාම ඉංජෙක්‌ෂ්න් දෙනවා. තව ලොකු ඔපෙරේෂන් එකකුත් තියෙනවලු. අනේ මට බයයි. අනෙ මට හුගක...්‌ අමරුයි. වමනෙත් යනවා. මට ඉස්‌කොලෙ යන්නත් නැහැ. මම මහානාම විදුහලෙ 2 C පන්තියෙ ඉගෙන ගන්නෙ. ඉතින් අම්මල කියනවා ගොඩක්‌ සල්ලි ඔනලු මට බෙහෙත් කරන්න. රුපියල් ලක්‌ෂ ගණනක්‌. අනෙ අපෙ අම්මටයි තත්තටයි එච්චර සල්ලි නැහැ. අනේ ඔය ගොල්ලන්ට බුදු බව ලබෙයි. මට ආයෙත් ඉස්‌කොලෙ යන්න උදව් කරන්න. මම ආසයි ආයෙත් යලුවොත් එක්‌ක එකතු වෙලා සෙල්ලම් කරන්න. දැනට මම ඉන්නෙ ඕඅසීස්‌ රෝහලෙ. මේ ගැන විස්‌තර අපේ තත්තාට කථා කරල දැන ගන්නත් පුලුවන්. 077 2965775 ට හරි 071 4869551 මාව සනීප කරන්න ගොඩාක්‌ සල්ලි ඕනලු. අපේ අම්මලා තාත්තලා මේ දවස්‌වල බොහොම වෙහෙස මහංසි වෙනවා ඒ සල්ලි හොයන්න. ඒ හින්දම සම්පත් බැංකුවේ අංක 102650102905 එම්. ඒ. වි. ඩබ්ලිව්. මාකෙවිට (M.A.V.W. Makewita) නමින් බංකු ගිණුමක්‌ විවෘත කරලා තියෙනවලු. ඉතින් පුංචි මන් වෙනුවෙන් ඔයාලටත් පුලුවන්නම් උදව් කරන්න. ඔයාලාට ගොඩාක්‌ පින් සිදු වේවි.

Monday, June 20, 2011

නාය යැමෙන් උන්හිටිතැන් අහිමි වූ ප්‍රියන්තට නිවසක්‌ තනාගැනීමට ඉඩමක්‌ ලබා දෙන්න



ප්‍රියන්තයි නිසංසලයි කියන්නේ තරුණ අඹු - සැමි යුවළක්‌. මේ දෙන්නට පුතෙකුයි දුවෙකුයි දෙන්නෙක්‌ ඉන්නවා. දෙන්නම ගමේ පාසලේ ඉගෙන ගන්නවා. ප්‍රියන්ත දැතෙ වීරියෙන් වැඩක්‌ පලක්‌ කරලා තමයි දරු පවුල ජීවත් කරවන්නෙ.

මේ පුංචි පවුල පදිංචිවෙලා ඉන්නේ අරණායක ප්‍රාදේශීය මහ ලේකම් කොට්‌ඨාසයේ සැලව නැගෙනහිර ගම්මානයේ. මේ ගම ලොකු ජනගහනයක්‌ ඉන්න ගමක්‌. ඒ නිසා මෙහි වැසියන් වැඩි දෙනෙක්‌ පුංචි ඉඩම් කෑලිවල තමයි පදිංචිවෙලා ඉන්නෙ.

ප්‍රියන්තලා පදිංචිවෙලා හිටියෙත් එයාගෙ තාත්තට අයිති පුංචි ඉඩම් කෑල්ලක. සැලව නැගෙනහිර වෙල්යායට දියවර ලබාදෙන පරගහවල අමුණ අද්දර බෑවුම් සහිත ඉඩමක තමයි මේ පුංචි පවුල් කටුමැටි ගැසූ පුංචි කැදැල්ල හදාගෙන හිටියේ. අවුරුදු දහතුනක්‌ පදිංචිවෙලා හිටපු පැල්පත වෙනුවට ස්‌ථීර නිවහනක්‌ හදාගැනීමේ අදිටනින් ප්‍රියන්තයි නිසංසලයි ඒ සඳහා අවශ්‍ය බඩුමුට්‌ටු ටික ටික එකතු කර ගනිමින් සිටියා.

මේ අතරෙ තමයි පසුගිය දවස්‌වල දෝරේ ගලන මහවැස්‌සක්‌ සැලව ගමට කඩා වැටුණේ. මේ වැස්‌සට ප්‍රියන්තලාගෙ වැට මායිමේ තිබුණ අමුණ නායගියා. ඒ එක්‌කම ප්‍රියන්තලා පදිංචිවෙලා හිටපු ඉඩම් කෑල්ලත් නාය ගියේ ඔවුන්ට සෙවණ දුන්න පුංචි පැල්පතත් බිමට සමතලා කරමිනුයි. නාය යන ලකුණු කල්තියා දකින්න ලැබුණා නිසා ප්‍රියන්තයි නිසංසලයි දරුවො දෙන්නයි අනූනවයෙන් ජීවිතේ බේරගත්තා.

අරණායක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්‌ ඇවිල්ලා ප්‍රියන්තලාට වෙලා තිබුණ හානිය ගැන බලාගෙන ගියා. ඒ අනුව වන්දියකුත්දෙන්න කටයුතු කළා. එයින් බාගයක්‌ දීලා ඒ අය කීවා ගේකට අත්තිවාරම දමලා ඉතිsරි කොටස ගන්න එන්නය කියලා. ඒත් ප්‍රියන්තලාට දැන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කොයිවෙලාවේ නාය යයිද කියන්න බැරි මේ පුංචි ඉඩම් කෑල්ලේ ආයෙත් ගෙයක්‌ හදාගෙන ඉන්නෙ කොහොමද කියන එකයි ඒ ප්‍රශ්නෙ. මෙයාලට වෙන ඉඩම් නෑ. දැනටමත් තාවකාලිකව පදිංචි වෙලා ඉන්නෙ තවත් පවුල් කීපයක්‌ ඉන්න ප්‍රියන්තලාගෙ මහගෙදරයි. එතන ඔක්‌කෝටම ඉන්න අමාරුයි.

ප්‍රියන්තයි නිසංසලයි ඉල්ලන්නෙ ගෙයක්‌ හදාගන්න කොහෙන් හරි ඉඩම් කෑල්ලක්‌ ලබාදෙන්න කියලයි. උන්හිටිතැන් අහිමිවෙලා ඉන්න මේ පුංචි පවුලට රජයෙන් හරි පරිත්‍යාග ශීලී දානපතියෙක්‌ හරි ඉඩම් කෑල්ලක්‌ ලබාදෙනවානම් එය මහඟු පින්කමක්‌ කියලයි අපට කියන්න තියෙන්නේ.

අරණායක - ගරුමුණි තිලකරන්න - 2011.06.21 - දිවයින

Sunday, June 19, 2011

වකුගඩු සැත්කමට පිහිට පතයි

පානදුර පිංවල අංක 66 / 4 ලිපිනයේ පදිංචි ඒ. පියසේන පෙරේරා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.

ඒ සඳහා ‘බී’ නෙගටිව් වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආර්. ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගියෙක් සිටී නම් පහත සඳහන් දුරකථනයකට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. දුරකථන අංක 038 3389693, 077 7214575


බෙන්තොට සමූහ - දිනමිණ - 2011.06.20

හදවත් රෝගී සිඟිත්තියට ඔබේ පිහිට ඕනෑ

දංඕවිට, වේරගොඩ 46 / 10 නිවෙසේ පදිංචි පී. නෙත්මිණි හිරුණිකා පියදර්ශනී සිඟිති දියණිය දරුණු හෘදයාබාධ තත්ත්වයකින් පෙළේ. ඇයගේ දිවි බේරා ගැනීම සඳහා ඉන්දියාවේ ර්ධ්ර්‍ණඊ රෝහලේදී සැත්කමක් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය කේ. ශිවකුමාර් මහතා පවසා තිබේ.

මේ සඳහා ලංකාවේ මුදලින් රු. 850000 ක් පමණ වැය වේ. දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන හෙයින් මේ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපහසු වී ඇති බව පවසන මවුපියෝ දියණියගේ දිවි බේරා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහය පතති.

පරිත්‍යාගශීලීන්ට ඉහත සඳහන් ලිපිනයෙන් හා දුරකථන අංක 077 5330445 අංකයට සම්පත් අමතා හැකි උපකාර කළ හැකි අතර මුදල් ආධාර නිට්ටඹුව සම්පත් බැංකුවේ 107150014416 ගිණුමට බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.


දිනමිණ - 2011.06.20

Friday, June 17, 2011

ශ්‍රවණාබාධිත වින්සර පුතාගේ සැත්කමට උදව් කරමු



අවුරුද්දක්‌ වයසැති ඔමික වින්සර සිඟිති පුතු දරුණු ශ්‍රවණාබාධයකින් පෙළේ. මේ සුරතල් පුතු සුවපත් කිරීම සඳහා රිඡ්වේ ආර්යා ළමා රෝහලේදී කර්ණ සංඛ බද්ධ සැත්කමක්‌ කළ යුතු බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. ඩී.කේ. එස්‌. එන්. යසවර්ධන මහතා නිර්දේශ කර ඇත. එහෙත් මෙම සැත්කම සඳහා රුපියල් විසිනවලක්‍ෂ අනූපන්දහසක මුදලක්‌ වැය වන බව ඔමික වින්සර පුතගේ පියා වන කේ. ඩබ්ලිව්. ඕ ප්‍රසාද් වසන්ත මහතා දන්වා සිටී.

සමෘද්ධිලාභී දෙදරු පියකු වන ප්‍රසාද් වසන්ත මහතාට මෙම විශාල මුදල සොයා ගැනීම අසීරු වී ඇත. ඔහුට ස්‌ථිර රැකියාවක්‌ ද නොමැත. ජනාධිපති අරමුදල මගින් ලැබී ඇති රුපියල් ලක්‍ෂ තුනක මුදල සමඟ දානපතියන් කිහිපදෙනෙකුගෙන් ලැබුණු රුපියල් ලක්‍ෂ දහසයක මුදලක්‌ තමන් සතුව ඇතැයි පවසන ප්‍රසාද් වසන්ත මහතා ඉතිරි මුදල සපයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය බලාපොරොත්තුවෙන් සිටී.

ඒ සඳහා මහජන බැංකුව නිට්‌ටඹුව ශාඛාවේ අංක 278200110018622 දරණ ගිණුම විවෘත කර ඇත. අංක 3 ඊ, රුක්‌මලේ, වේයන්ගොඩ ප්‍රසාද් වසන්ත මහතා පදිංචි නිවසේ ලිපිනය වේ. 0335619260, 0779183345 ඔහුගේ දුරකථන අංක වේ.

දිවයින - 2011.06.18

Monday, June 13, 2011

වරිච්චි පැල්පත කඩාවැටෙන්න පෙර පිහිටක්‌ වුණොත් පිනක්‌!



වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේල පන්නිල දකුණ ග්‍රාමසේවා වසමේ පිහිටි සඳපහනවත්ත නමැති දුෂ්කර ගම්මානයේ වෙසෙන මේ දරු පවුල ඉතාම දිළිඳු බව අමුතුවෙන් කිවයුතු නොවේග

මෙම දුප්පත් පවුලේ ප්‍රධානියා වන අජිත් සේනාධීර මහතා සමග එA පිළිබඳව අදහස්‌ දැක්‌වූයේ මෙසේයග

,මට ස්‌ථිර රැකියාවක්‌ නැහැග කොහේහරි ගිහින් කුලී වැඩක්‌ කරල තමයි දරු පවුල සමග යාන්තම් ජීවිතේ ගැටගහගන්නේග වරිච්චි බිත්තිවල කණු දිරල තිබෙන්නේග වහලට ඉටිකොළ දාල තිබෙන්නේග ලොකු වැස්‌සකට ගෙය සේරම තෙමෙනවාග අපි අද ගතකරන තත්ත්වය අනුව අලුතින් ගෙයක්‌ හදනවා තබා හිතන්නවත් බැහැග

මෙම අබලන් පැල්පත ඇඟ මත කඩාවැටේවි කියල අපි රාත්‍රිය ගතකරන්නෙත් හරිම බයෙන්ග

මේ නිසා බිරිඳ දුලාරි ප්‍රියංකාල පුතා තරිඳු පුෂ්පකුමාර (13)ල දුව මධුශිකා කුමාරි (12) සහ දුව හංසිකා කුමාරි (10) ඇතුළු අප පවුල ගතකරන දුක්‌බර ජීවිතය ගැන හිතල කිසිවකු යම්කිසි උදව්වක්‌ කරනවා නම් පිං අයිති වෙනවාග

ඔහුගේ ලිපිනය මෙසේයග කේග ජීග අජිත් සේනාධීරල සිඩ්නි කඩේ බාරේල සඳපහනවත්තල පන්නිලග (මතුගම හරහා)


විල්සන් විඡේරත්න - ඉත්තෑපාන - දිවයින - 2011.06.14

හෙට දවසේ තිසුරිට ඇහෙන්නේ ඔබේ පිනෙන්



මේ පුංචි දියණියගේ සිනහව මොනතරම් නම් අපූරුද බලන්න.

අද දවස කොහොමද? හෙට මොනවා වෙයිද? ඉර හඳ තාරකා පායයිද මේ පුංචි හිත ඒ දේවල් කිසිම දෙයක් දන්නෑ.

මුළු ලෝකයම එයාගේ කියලා එයා හිනාවෙනවා. ඒත් ඒ හිනාව යටින් ඈට නොතේරෙන පුංචි අඳුරු වලාපටලයකුත් තියෙනවා. ඒත් ඒ බව තාම මෙයාට හරිහමන් වැටහීමක් නැහැ. ඒ නිසයි ඔය තරම් සුන්දරව මෙයා හිනාවෙවි ලෝකය දෙස බලා ඉන්නේ.

තවමත් අවුරුද්දයි මාස හයක් වයසැති මේ පුංචි දියණි තිසුරි කවිත්මා රාජකරුණා. කටුදෙණිය මාතලේ ඉන්න තිසුරි වසන්ත රාජකරුණාගෙත් චන්දිමා විජේරත්නගෙත් ආදරණීය දෙවැනි දියණියයි.

අද අපි ’ජීවිතයෙන් බිංදු මාත්‍රයක්’ ඔස්සේ මේ පුංචි දියණිය ගැන ඔබට කියන්නේ එයාගේ ලෝකය එයාට විඳින්න අවස්ථාව උදාකරලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් වේවි කියන බලාපොරොත්තුවෙන්.

තිසුරි මේ ලෝකයට පය තියන්නේ ජීවිතේ ගැන අබමල් රේණුවක තරම්වත් දෙයක් නොදැන. ඔබ අපි වුණත් එහෙමයි. ඒත් අපි දණගහලා වැටි වැටි ඇවිදින කොට මේ මහපොළව අපිට දැනෙන්න ගන්නවා.

සතා සිව්පාවා හඳුන ගන්නවා. පස්සේ ඔබ අපි ඒ සියල්ල වචනවලට තෙපලනවා. ඊට පස්සෙයි අපි කවුරු කවුරුත් ජීවිතය තේරුම් ගන්න උත්සාහ ගන්නේ. ඒත් මේ පුංචි තිසුරි සියලු වාසනාව එක්තැන් කරගෙන මෙලොවට පය තැබුවත් පුංචි අවාසනාවකුත් ඒ සමඟම ඇය අරගෙන ආවා.

”මේ මගේ දෙවැනි දුව තාම අවුරුදු එකහමාරයි. පොඩි කාලේ ඉඳන්ම දුවගේ යම් අමුත්තක් අපිට තේරුණා. ඊට පස්සේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට දුව එක්කරගෙන ගියාට පසුවයි දැනගත්තේ දුවගේ උපතින්ම කන ඇහෙන්නේ නැහැ කියලා. දුව උපදිනකොට බොහෝම නිරෝගිව හිටියේ. දැන් වුණත් දුව දකින කෙනෙකුට එයාට මෙහෙම ආබාධයක් තියෙනවාද කියලා හිතන්න බැහැ.”

”මම දුව ඉස්පිරිතාලේට අරගෙන ගියාට පස්සේ සිසිර බණ්ඩාර වෛද්‍යතුමන් තමයි දුව පරීක්‍ෂා කළේ. ඊට පස්සේ කිව්වා දුව සම්පූර්ණයෙන්ම ශ්‍රවණාබාධිතයි. ඒ නිසා අවුරුදු දෙක පිරෙන්න කලින් මේ සැත්කම කළොත් දුවට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා.”

මේ වෙනකොට මේ පුංචි දියණියගේ කර්ණ ශංඛ බද්ධයට වෛද්‍යවරුන් දින නියම කර ඇත්තේ ජූලි මස 05 දිනයි. ඒ සඳහා තවත් හරියටම ඇත්තේ සති කිහිපයක කාලයක් පමණමයි. සිසිර බණ්ඩාර වෛද්‍යතුමන් මේ සැත්කම නොමිලයේ සිදුකරත් ඒ වෙනුවෙන් අවශ්‍ය උපකරණ සඳහා රුපියල් ලක්‍ෂ 17 ත් 24 ත් අතර මුදලක් සොයාගත යුතු බව මේ මාපියන්ට දැනුම් දීලා.

”මට රැකියාවක් කියලා ස්ථිර රැකියාවක් නැහැ. මම කරන්නේ මේසන් වැඩ. ඒත් මේ වගේ ලොකු මුදලක් හොයාගන්න එක අපිට ලොකු හීනයක්. තව අපිට තියෙන්නේ ටික කාලයක්. අපි ජනාධිපති අරමුදලට දැන්වුවා.

එතැනදි ලක්‍ෂ තුනක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුණා. මම බොහෝම අමාරුවෙන් මේ පවුල ජීවත් කරවන්නේ. ලොකු දුව තුන වසරේ. එයාගේ පාසල් කටයුතු හොයා බලන්නෙත් හුඟක් අමාරුවෙන්. අනේ පුළුවන් නම් මගේ දුවට ඇහෙන්න සලස්වලා දෙන්න. ඒක ලොකු පිනක්.”

ආර්ථික අපහසුතා රාශියක් මැද ජීවිතය ගෙවන වසන්ත ඇතුළු මේ පවුලට මේ තරම් මුදලක් හොයාගන්න එක අද හීනයක් විතරමයි. ඒත් මේ පුංචි දෝණිගේ හෙට දවස අඳුරු වෙනකම් කාටද බලා ඉන්න පුළුවන්.

ඒ නිසයි මේ සටහන අපි දෝණි වෙනුවෙන් ඔබ ඉදිරියේ තියන්නේ. හැකි ඉක්මනින් මේ දෝණිට ලෝකය කතා කරන දේ අහන්න වාසනාව ළඟාකරලා දෙමු. එදාට ඒ තරම් සතුටක් මේ අම්මයි තාත්තයි අක්කයි වගේම මේ පුංචි දෝණිටත් දැනේවි. හැමදාමත් වගේ සරණක් සොයන මිනිසුන් වෙනුවෙන් දිගුකළ ඔබේ පුණ්‍යවන්ත දෑත් පුංචි තිසුරි දෙසටත් යොමුකරන්න හැකි නම් ඒ පිනම ඇති ඔබට මේ ආත්මේ නිවන් යන්න.


ලිපිනය – අංක 147/64/5

නව ගම්මානය කටුදෙණිය, මාතලේ.

දුරකතනය – 0723 795005
ගිණුම් අංකය – මාතලේ ලංකා බැංකුව - 71709863



Silumina - 2011.06.14

Sunday, June 12, 2011

ෙම් දියණියන්ට පිහිට ෙවමු



http://www.rivira.lk/2011/06/12/diviman.htm


රිවිර 2011.06.12

Wednesday, June 8, 2011

බී. ඩබ්ලිව්. වසන්ත මහතා අසරණයි



මමයි මගේ දරු දෙන්නයි පවුලයි අපේ පුංචි පැලේ නොතෙමී හිටියා. නමුත් පසුගියදා සුළඟට ගිනිකූරු ගහක්‌ ගෙයි වහලේ උඩට කඩාගෙන වැටිලා මගේ ගේ පොළවට සමතලා වුණා. අද අපි අසරණයි. අපිට අද යන්න එන්න තැනක්‌ නැතැයි බී. ඩබ්ලිව්. වසන්ත මහතා "දිවයින"ට පැවසීය.

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් 802 ඒ ග්‍රාම සේවක වසම හරහා පසුගියදා හමාගිය සුළඟින් නිවාස සහ දේපළ රැසකටම හානි සිදුවිය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඒ මහතා පූරුවේ පිනකටයි අපේ ජීවිත බේරුණේ. සුළඟ සහ වැස්‌ස තදින් තිබුණ නිසා අපි අවදි වෙලයි හිටියේ. එක පාරටම මහා ශබ්දයක්‌ එක්‌ක ගිනිකූරු ගහ කඩා ගෙන වැටුණා. ගහ හරියටම කඩාගෙන වැටුණේ ළමයින් දෙන්නා නිදාගෙන සිටි ඇඳ මතටයි. අපිට නින්ද ගියානම් අපි ඔක්‌කොම ඉවරයි. රජයේ නිලධාරියකු ලෙස ග්‍රාම සේවක විතරයි අපිට වුණ මේ විපත බලන්න ආවේ.

එච්. ඩී. ඉනොකා මධුවන්ති මහත්මිය, අපිට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. එක්‌ කෙනෙක්‌ 7 වැනි ශේ්‍රණියේ ඉගෙන ගන්නවා. දෙවැනියා දෙවැනි ශේ්‍රණියේ ඉගෙන ගන්නවා. අද අපි මහා පාරට වැටිලයි ඉන්නේ. ගෙයි තිබුණු බඩු මුට්‌ටු සියල්ලත් විනාශයි. කෙටියෙන් කියනවා නම් උයා පිහාගෙන කන බඩු මුට්‌ටු සියල්ලත් විනාශයි. කවුරු හෝ අපිට අපේ ගේ හදාගන්න උදව් කරන්න.

දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට වඩා හොඳ නරක හොඳින් හඳුනන දුක වේදනාව දන්නා සංවේදී පරිත්‍යාගශීලී ජනතාව තවමත් මේ පුංචි ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිති. මේ අසරණ දරු පවුලට උදව් කිරීමට ඔබත් කැමති නම් බී. ඩබ්ලිව්. වසන්ත මාපගම, බෝපිටිය, මතුගම යන ලිපිනයෙන් ඔවුන් පිළිබඳව වැඩිවිස්‌තර ලබාගත හැක.

ප්‍රියදර්ශන ලියනගේ - දිවයින - 2011.06.09

Sunday, May 29, 2011

මේ වෙසක් මහේ ගුණවතීගේ පවුලේ දුක් ගින්දර නිවා දමමු



මිනිස්සු ජීවත්වෙන්න මොනතරම් දුක් විඳිනවද කියලා දකින්න මේ මහපොළවේ පයගහලම බලන්න ඕන. ඒ අතරේ ඔබ ඔබම ජීවත් කරන්න මොනතරම් වෙහෙසෙනවද කියලා නිකමට හරි හිතලා තියෙනවද? නැහැ නේද? ඇයි හේතුව එහෙම හිතන්නවත් වෙලාවක් ඔබට අපට නැහැ. ඒ තරමටම අපි කාර්ය බහුල වෙලා. සමහරවිට යන්ත්‍ර බවට පත්වෙලා කීවොත් ඒකත් වැරැදි නැහැ. ඇත්තටම ජීවත්වෙන්න අපි හැමෝම ගොඩක් දුක් විඳිනවා.

ඒ ඔබ අපි වගේම ගුණවතීටත් ඕන තමන්ගේ ජීවිතය සැපවත්ව ගතකරලා මියැදිලා යන්න නෙමෙයි. ඇස්දෙක වගේ මෙතුවක් කාලයක් රැකබලා ගත් දරුපැටව් තුන්දෙනාගේ ජීවිතවලින් දුක කියන දේ තුරන්කරලා දාන්නයි.

අම්මා කෙනෙක් විදිහට ගුණවතීගේ හදවත දරුසෙනෙහසින් පෝසත් වුණත් පෙරකළ කරුමයකටද නැතිනම් දෛවයේ සරදමකටදෝ අද අසරණ කමේ අගාධයටම ඇයත් දරුවන් තුන්දෙනාත් ඇදගෙන වැටිලා. ඒ අසරණකම කියන්න ඇයට කාත් කවුරුත් අහලකවත් නැහැ.

ජීවිතේ එකට බෙදාගන්න අත්වැල් බැඳගත් ගුණවතීගේ සැමියා පුංචි බණ්ඩා අද ආගිය අතක් නැහැ. සමහර විටෙක පුංචි බණ්ඩා ගුණවතිත් මේ කෙළිපැටික්කියන් තිදෙනාත් තනිකර දමා ගියාද? එහෙමත් නැතිනම් පුංචි බණ්ඩාගේ ජීවිතයට කුමක් හෝ සිද්ධ වුණාද? අද ඒ සියල්ලට විසඳුම් දන්නේ උඩඉන්නා දෙවියන් පමණක් බව ඔබට කියන්න ඕන. ජීවිතයෙන් බිංදු මාත්‍රයක් ඔස්සේ අද අපි ඔබ ඉදිරියේ ලෙහා දමන්නේ ජීවත් වෙන්න අනේක දුක්විඳින ඩී.ජී. ගුණවතීත් ඇගේ දියණියන් තිදෙනාගෙත් කතාවයි.

බිබිල කරාඬුගල ගම් පියසේ සිට තවත් සැතපුම් කිහිපයක් ඇතුළට වෙන්න මහගම ගම් ගොඩැල්ල පෙදෙසේ ඇති ඔබ දකින මේ පුංචි පැල්පත ගුණවතීටත් දෝණිනැන්දලටත් මහමෙරක් වගේ. සමහරු බුමුතුරුණු ඇතිරූ සත්මහල් ප්‍රාසාදවල පස්කම්සැප විඳිද්දී අද ගුණවතීලා වැහැරිලා ගිය මේ පැල්පතේ කෙසේ හෝ ජීවත්වෙන්න වාරු ගන්නවා.

”පසුගිය ටිකේම වැහැපු වැස්සට බොහෝම අමාරුවෙන් අපි හිටියේ. මේ පැල්කොටේ මැද්දෙන් වතුර ගලාගෙන යනකොට එළිවෙනකම් මම මගේ කෙල්ලෝ තුන්දෙනා ළංකරගෙන මුල්ලකට වෙලා ඇහැරලා ඉන්නේ පපුව පිච්චි පිච්චි. කොයි වෙලාවේ මේක කඩාගෙන වැටෙයිද කියලා කියන්න බැහැ. මේ විඳින දුක කියන්න කාත් කවුරුත් ළඟ පාතක නැහැ මහත්තයෝ. අද අපි ඉන්නේ ගොඩක් තනිවෙලා අසරණ වෙලා.”

ගුණවතීගේ දෙනෙතින් කඩා වැටෙන කඳුළු කැට අතරින් ඒ අසරණකම අපට හුඟක් හොඳින් වැටහුණා. මෙතුවක් කාලයක් දරුවන්ටත් හොරෙන් කඳුළු වැගිරූ ගුණවතීගේ හදවතේ ඇති දුක අපි ඉදිරියේ ලෙහා දමන්න ඉඩදී අප බලා සිටියේ හදවතට දැනුණු දුක නොපෙන්වමින්.

”මේ දරුවන්ගේ බඩගින්න නිවන්න මම ගොඩක් දුක් විඳිනවා. ලොකු දුවට අවුරුදු දහසයක්. දෙවැනි දුවට අවුරුදු නමයයි. පොඩිදුවට අවුරුදු අටයි. තුන්දෙනාම ස්කෝලේ යන්න ගොඩක් ආසයි. ඉගෙන ගන්නත් දක්‍ෂයි. මහත්තයලාට ඇත්ත කියන්න මම වැස්සකටවත් ස්කෝලෙකට ගිය කෙනෙක් නෙමෙයි. අද අපි දුක් විඳින්නේ ඒ හන්දා. ඒත් මම මේ විඳින දුක මේ දරුවන්ට විඳින්න දෙන්න බැහැ.”

ගුණවතීගේ කුඩා නිවෙස


පසුගිය දිනවල ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව ඉවක් බවක් නැතුව හැම තැනටම ඇද වැටී දෝර ගලායද්දී මේ පුංචි පැල්පතේ මුල්ලක තිබුණු දියණිවරුන්ගේ පොත්පත් ටිකත් කාටත් හොරා අරගෙන ගියේ හිත්පිත් නැතුවමයි. ඒ නිසාම දින ගණනාවක් ඉස්කෝලේ යන සිහිනය සිහිනයක්වම තියාගන්න මේ දියණියන්ට සිද්ධවුණා.

”මෙතන ඉඳලා ඉස්කෝලේට හැතැප්ම හය හතක් විතර තියෙනවා. මේ දරුවෝ ඒ තරම් දුරක් යන්නේ පයින්මයි. සපත්තු කෑලි දෙකක්වත් නැතුව ඒ තරම් දුරක් පයින් යන්න බැහැ. ලොකුදුව මාස හතරක් විතර පාසලට ගියේ නැහැ. කකුල් දෙකට සපත්තු දෙකක් නැතුවම බැරිම තැන කොහොමහරි දුක් විඳලා මම සපත්තු දෙකක් අරගෙන දුන්නා. මේ තුන්දෙනාම ආසයි ඉස්කෝලේ යන්න. ඒත් ඕන පොත්, පැන්සල් අරන් දෙන්න මට ආර්ථිකයක් නැහැ.

දවස තිස්සේ කොහොමහරි මහන්සිවෙලා එක වේලක් හරි මේ දරුවන්ට දෙන්න මම මේ මහපොළවත් එක්ක හැප්පෙනවා. දුවලට කන්න ඕන දෙයක් හරි ආස දෙයක් හරි තියෙනවා නම් කවදාවත් මට කියලා ඒවා ඉල්ලලා නැහැ. මම විඳින දුක දැකලා එයලා ඒවා හිතේ තියාගෙන ඉන්නවා. මට තේරෙනවා මහත්තයෝ පුංචි වුන් ආස දේවල්. ටොපියක්, චොක්ලට් එකක් තියා සෙල්ලම් බඩුවක්වත් දෙන්න පුළුවන් ශක්තියක් මම ළඟ නැහැ.”

”රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ”. මාලනී බුලත්සිංහල අපූරුවට ගැයූ ගීතය මගේ මතකයට ආවා. ජීවිතේ කියන්නේ මේකද? ඇස්වල පුරෝගත්තු කඳුළු කැට හංගාගෙන මේ දියණියන් තිදෙනා මුහුණ දෙන්න බැරි තරම් ලැජ්ජාවකින් ඉන්න වග අපට තේරුණා. ඒ නිසයි මේ අසරණකම ඔබ ඉදිරියේ තියන්න අපි කල්පනා කළේ. අද ගුණවතීගේ ආර්ථිකය ගොඩගන්න ඇයට එකම පිළිසරණ වී ඇත්තේ මේ සියල්ල නිසොල්මනේ බලා සිටින මහවනය විතරමයි.

”මේ දරුවන්ගේ තාත්තා ඉන්න කාලේ කුලියක් හරි කරලා කීයක් හරි හොයාගෙන ආවා. ඒත් අද එයා කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ දරුවෝ තුන්දෙනයි මමයි තනිවුණා. එදා ඉඳලා මම මේ කැලේ ඇතුළට ගිහින් නෙල්ලි, අරළු, බුළු හොයාගෙන ඇවිත් කොහොමහරි විකුණගන්නවා. ඒ ගියත් දවස් දෙක තුනක්වත් කැලේ ඉන්න බලාගෙන යන්න ඕන.

අද මට එහෙමවත් කරන්න බැහැ මේ දරුවෝ තුන්දෙනා තනියෙම හන්දා. මට බයයි මේ දරුවන්ට කරදරයක් වෙයි කියලා. ඒ නිසා ගිය පයින්ම පුළුවන් ඉක්මනට ආපහු එනවා.

එහෙම ගිහින් හිස් අතින්ම ගෙදරට ආව වාර අනන්තයි. මහත්තයලාට තේරෙනවා ඇති මේ පැල්කොටේ මමයි මේ ගෑනු දරුවන් තුන්දෙනයි ගෙවන ජීවිතය කොහොමද කියලා. මට කොහොමහරි දුක්විඳලා මේ දරුවන්ගේ බඩගින්දර නිවාගන්න පුළුවන්. ඒත් පුළුවන් නම් කාටහරි කියලා මේ දරුවන්ට ඉස්කෝලේ යන්න පෑනක් පැන්සලක් පොතක් පතක් අරන් දුන්නොත් ලොකු පිනක්.”

ගුණවතීට තියෙන්නේ අම්මා කෙනෙක් විදිහට තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ගොන්නක්. එහෙත් මේ පුංචි පැල්පතේ හෙට දවස පැහැබර කරන්න හැකියාව තියෙන්නේ ඔබට අපට විතරමයි. මේ වෙනකොටත් ගුණවතීලා ගෙවන ජීවිතයට යම් සරණක් ලබා දෙන්න ගමේ ස්වේච්ඡා ආයතනයක් ඉදිරිපත් වුණේ හැකි විදිහට උදව්වක් ලබා දීමේ අරමුණින්. ගුණවතීගේ නිවහන ගොඩනඟන්න ඔවුන්ට සුළු වශයෙන් ශක්තියක් දීමට හැකි බවත් පුළුවන් නම් පින් කැමැති බොහෝ අයට ඒ වෙනුවෙන් දායක වෙන්නට හැකියාව තිබෙන බවත් ඔවුන් අපට කිව්වා.

එහෙත් බැංකු පොතක ගිණුමක් තියා ගුණවතීලා සම්බන්ධ කරගන්න කිසිම හැකියාවක් නැති තැන අප ගමේ ස්වෙච්ඡා සංවිධානයේ දුරකතන අංකය ලබාගත්තේ ඔවුන් හරහා ගුණවතීලට සරණක් වෙන්න පුළුවන් කියන අරමුණින්. අදටත් මේ දිරාගිය පැල්පතේ බොහෝ දුක් ගින්දරක් උහුලමින් ජීවිකාව ගෙවන ගුණවතීත් මේ ආදරණීය දියණියන් තිදෙනාගේ ජීවිතවලටත් අඳුර නසා ආලෝකය එක්කළ හැක්කේ දයාබර පින් සිත් ඇති ඔබට විතරමයි.

හැකි නම් ගුණවතීගේ දියණියන්ට පෑනක් පැන්සලක් පොතක් හෝ ලබාදෙන්න පුළුවන් නම් ඒක ගුණවතී ගෙවන දුක්ඛිත ජීවිතයට අස්වැසිල්ලක් වේවි. ඒක එහෙම වෙනවා නම් ඇත්තටම ඔබ එය කරන විශාල පුණ්‍යකර්මයක්. 2600 සම්බුද්ධත්ව ජයන්තිය ගෙවන මේ පින්බර වෙසක් මහේ එය අප ඔබ කරගන්නා නිම කළ නොහැකි කුසලයක් වේවි.

ගමේ ස්වෙච්ඡා ආයතනයේ දුරකතනය – 055 - 2265160

පුන්සරා දැරියගේ ඇටමිදුලූ බද්ධයට ආධාර අවශ්‍යයි


මාතර, කඹුරුපිටිය පිටකටුවන රවිදු සෙවනෙහි පදිංචි දිනිති පුන්සරා රාජපක්‍ෂ නමැති පස්‌ හැවිරිදි දියණිය පැන්කෝනි ඇනිටියා නමැති ඇට මිදුලුවලින් රුධිර සෛල නිපදවීමේ ඌණතාවකින් පෙළේ. මාර පලොල්පිටිය මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ඇය දැනට කඹුරුපිටිය මූලික රෝහලෙන් හා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ගනී. ඇයගේ ජීවිතය බේරාගැනීමට ඇටමිදුලු බද්ධ කිරීම සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසා තිබේ.

ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ඇය ඉන්දියාවට රැගෙන යායුතු අතර එම ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන 2.5 ක්‌ 3.0 ක්‌ අතර මුදලක්‌ වැයවේයයි අපේක්‍ෂා කරයි. ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන ඇගේ දෙමාපියන්ට එතරම් මුදලක්‌ සොයා ගැනීම දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා පරිත්‍යාගශීලී සැමගේ ආධාරය දැරියගේ පියා වන සුදත් රෝහණ රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කරයි. ඔහුගේ නමින් කඹුරුපිටිය මහජන බැංකු ශාඛාවේ ඇති 133-2-002-0-0020811 දරන ගිණුමට ඔබේ ආධාර බැරකළ හැකිය. පී. එල්. ජයවර්ධන - කඹුරුපිටිය

Friday, May 20, 2011

මේ හතර දෙනාගේ ජීවිතය මහ පාරේ



මිනිසුන් මිහිපිට උපදින්නේ තරාතිරම, වත් පොහොසත්කම්, කුලමල, උස් පහත්කම් බලලා නෙමෙයි. පොළොවට පයගහනකොට අපි මේ ලෝකේ කළු ද සුදු ද කියලා කවුරුත් දන්නෑ. ඒත් ඉතිං උපන් පොළොවේ ජීවත්වෙන්න අපි කොයි කාටත් සිද්ධ වෙනවා. අන්න ඒ නිසයි සමහරුන් පස්කම්සැප විඳිද්දි තවත් සමහරුන් අන්ත අසරණව දුගීව උපදින්නේ. ඒ හැමදේටම අපි කියන්නේ පෙර කළ කරුම කියලා. මොනවා කරන්න ද උපන්නානම් ජීවත්වෙන්නත් එපැයි. එහෙම ජීවිතේ ගෙනයන්න මේ මහ පොළොවත් එක්ක හරි හරියට මිනිස්සු වාරු වෙනවා. ටිකක් හිතන්න අද ඔබ අප හැමදේම කරන්නේ ජීවත්වෙන්න නේද කියලා.

ඒත් අපි එකිනෙකාට දුරස්ව මේ සමාජයේ ජීවත්වෙන්න අමාරුයි. කාගේ හෝ හයිහත්තියක් මොන විදිහකින් හරි අපි කොයි කාටත් ඕන වෙනවා. අන්න එහෙම සරණක් ඕන පවුලක් අද අපි ‘ජීවිතයෙන් බිංදු මාත්‍රයක්’ ඔස්සේ ඔබ ඉදිරියට ගෙනෙන්නේ කිසිම හව්හරණක් නැතිව මහපාර පමණක් උරුමව පත්තර මහගෙදරට ආ නිසයි. බලන්න මේ අසරණ පවුල අද ඉන්නේ ගතින් මෙන්ම සිතින් ද අසරණ වෙලා.

“පසුගිය දවස් ටිකේම හරිහමන් කෑමක් මේ දරුවන්ගේ බඩට වැටුණේ නැහැ මහත්තයෝ. එක දිගට වැස්ස තිබුණ නිසා හරියට වැඩක් පලක් ලැබුණේ නැහැ. බැරිම තැන අපි මේ මහත්තයලා හොයාගෙන ආවේ. අපි දෙන්නා ඇති වෙනකම් දුක් විඳලා තියෙන්නේ. මේ දුක බඩගින්න අපිට හුරුයි. ඒත් මේ දරුවෝ බඩගින්නේ අඬනවා බලාගෙන ඉන්න බැහැ.”

කතාවේ ආරම්භය පුදුමාකාර සංවේදියි කියලා අපිට තේරුණා. අපිට මොන හැම දුකක්ම උහුලගෙන ඉන්න පුළුවන්. ඒත් බඩගින්න උහුලගන්න පුළුවන් කාට ද? බැරිම වුණොත් වතුර ටිකකින් හරි අපි ඒ බඩගින්න නිවා ගන්නවා. ඒත් කුඩා දරුවෙකුට...? අපි එතැනට ප්‍රශ්නාර්ථයක් තියන්නේ ඒ හැඟීම ඔබ අප කවුරුත් දන්නා නිසා.

වයස අවුරුදු 32 ක් සපුරන ‘උපුල් තුෂාර’ රාජාංගණය යාය අට ප්‍රදේශයේත් අවුරුදු 29 ක් වයසැති ‘නිරෝෂා ගුණරත්න රාජාංගණය යාය දහතුන ප්‍රදේශයේත් ජීවිතය ගෙවද්දී සංසාර පුරුද්දකට මේ දෙදෙනාට එක්තැන් වෙන්නට වාසනාව උදා වෙනවා. හැබැයි එක දෙයක් අපි ඔබට කියන්න ඕන. උපුල්ටත්, නිරෝෂාටත් කාත් කවුරුවත්ම වගේම ඉන්න හිටින්න තැනැක්වත් ඒ වෙනකොට තිබුණේ නැහැ.

“කීයක් හරි හොයාගන්න මම කළේ පොල් කඩපු එක. මාව දරුකමට හදාගත්ත අම්මා මියැදුණාට පස්සේ මට එහෙ ඉන්න, අනෙක් අය අවසර දුන්නේ නැහැ. එතැනින් පස්සේ තමා පාරට වැටුණේ. අපි දෙන්නා මුණ ගැහෙනකොට කාත් කවුරුවත් අපිට නැහැ. අපේ නවාතැන් පොළ වුණේ රාජාංගණය පොළ විතරයි.”

උපන් දා සිට කාත් කවුරුවත් නැතිව හිටපු උපුල්ට ජීවිතයේ විඳින්න පුළුවන් උපරීම දුක් විඳින්න සිද්ධ වෙලා. ඒ විතරක් නෙමෙයි නිරෝෂාටත් එය පොදු කාරණයක් කියන එකත් අපි කියන්න ඕන. කොහොම වුණත් පාදයේ ආබාධයකින් පෙළෙන උපුල් මේ දරු පවුල ජීවත් කරන්න නොවිඳිනා දුක් විඳින වග ඔහුගේ වයසට වඩා මුහුකුරා ගිය පෙනුම තව තවත් අපට කියාපෑවා.

“අපි ළඟ තියෙන්නේ හැඳුනුම්පත විතරයි. කොහොමහරි ජීවත්වෙන්න ඕන නිසා මම දැන් යකඩ කෑලි අහුලලා විකුණනවා. ඒ දේ කළත් ලැබෙන්නේ සොච්චම් මුදලක්. ඒ ලැබෙන දෙයින් තමා අපි හතර දෙනා ජීවත්වෙන්නේ. මගේ ලොකු දුව සඳුනි මධුෂානිට දැන් අවුරුදු තුනයි. පොඩි දුව නිපුනි මධුෂානිට මාස පහයි. අපි හතර දෙනාම පහුගිය දින ටිකේ හිටියේ කඳානේ. මහ පාර අද්දර කඩයක් අයිනේ අපි හවසට ඇවිත් ඉන්නේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ මහ පාරේ තමයි අපි ජීවත් වෙන්නේ.”

විශ්වාස කරන්න මේ වෙනකොටත් මාස පහක මේ පුංචි දියණිය සැත්කම් කිහිපයකටම මුහුණ දීලා. පපුව ප්‍රදේශයත් හිස ප්‍රදේශයත් සැත්කම්වලට භාජනය වුණේ විෂබීජ ඇතුළු වී සැරව ගෙඩි හටගත් නිසයි. පුත්තලම මහ රෝහලෙන් අනුරාධපුර රෝහලෙන් එලෙස සැත්කම්වලට භාජනය වූ මේ සිඟිත්තියගේ හෙට දවස කෙසේ කොහොම විසඳෙයිද කියලා තවම අපි දන්නේ නැහැ. ඒත් ඇගේ ශරීරයේ සැත්කම් කළ සලකුණු ජීවිතයේ කුමක්දෝ අසරණකමක් කියාපානවා.

“අපිට ඉන්න හිටින්න තැනක් නැති නිසා මහ පාර අද්දර ඉන්න නිසා විෂබීජ ඇතුළු වෙලා කියලයි දොස්තර මහත්තුරු කිව්වේ. අපිට අඳින්න හරිහමන් ඇඳුමක් නැහැ. මේ තියෙන ඇඳුම් ටික තමයි මහත්තයෝ හෝදා හෝදා අඳින්නේ. පුළුවන්නම් අපිට මොකක්හරි උදව්වක් කරන්න මහත්තයෝ.”

ඒ අහිංසක ඉල්ලීම හැර වෙන කුමක් නම් ඔවුන් අපෙන් ඉල්ලන්න ද? මේ ලෝකේ ජීවත්වෙන්න නිදහස අපි හැමෝටම තියෙනවා. ඒත් පෙර කළ අකුසලයකින් හෝ ජීවිතේට වන්දි ගෙවන්න සිද්ධ වුණොත්...?

ඔව් උපුල්, නිරෝෂා මේ පුංචි පවුලට ගොඩනගන්න තරම් ලොකු බලාපොරොත්තු නැහැ. ඔවුන්ට ඇත්තේ අද දවස ජීවත්වීම ගැන බලාපොරොත්තුව විතරමයි. කාත් කවුරුත් නැති ඉන්න හිටින්න තැනක් නැති, ලිපිනයක් නැති මේ අසරණ පවුල දවසක ඔබට කොහේ හෝ මාවතකදී මුණගැහෙන්න පුළුවන්. එදාට ඔවුන් දෙස බලා යන්න අමතක කරන්න එපා.

“අපිට මෙහේ ජීවත්වෙන්න අමාරුයි. අපි ආයෙත් රාජාංගණය පොළට යනවා. එහේ පුළුවන් විදිහට ජීවත් වෙනවා. රාජාංගණයේ ගොඩක් අය අපි ගැන දන්නවා. පොලීසියේ මහත්තුරු අපිට උදව් කළා. ඒ මහත්තුරු දන්නවා අපි විඳපු දුක් ගැහැට.”

අද මේ කතාවේ අවසානය අපි ඔබ ඉදිරියේ කියන්නේ වෙනදා මෙන් සරණක් වෙන්න කියන බලාපොරොත්තුවෙන්. ඒත් අද වෙනකොට උපුල්, නිරෝෂා සමඟ මේ පුංචි දියණියන් කොහේ කොහොම ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. ඒත් අවසන් වතාවට ඔවුන් කිව්වේ ආයෙත් රාජාංගණය පොළට යනවා කියලයි. මේ පුංචි එවුන්ගේ කුසගින්නට මොනවා වුණාද කියන්න අද අපි දන්නේ නැහැ. ඒ වගේම හෙට දවස ඔවුන්ගේ ජීවිත කොහොම වෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. මේ වගේ පවුල් ගණනාවක් අපේ රටේ අනන්තවත් ඇති. එහෙත් මේ දරු පැටවුන්ගේ ලෝකයට ආලෝකය එක්කරලා උපුල්, නිරෝෂා පවුලට ශක්තියක් වෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්.

Thursday, May 19, 2011

සහෝදරයාණෙනි ඔබට නිවන් සුව

දිලුම් සහෝදරයාගේ හදිසි අභාවය වෙනුවෙන් සාතිශය සංවේගය පළ කර සිටිමි

Sunday, May 1, 2011

දෙපා පණ නැති මනීෂාට නැඟී සිටීමට වාරුවක් වෙමු



මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට එන්නේ එකපිට එක. එක ප්‍රශ්නයක කෙළවර දකිනකොට තවත් එකක් පටන්ගෙන.

ඒ බව ඔබ අප කවුරුත් දන්නවා. ඒ මොනදේ වුණත් උහුලන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා.

ඒ සීමාවන් පැන්නට පස්සේ අපි අසරණකමේ අගාධයටම යනවා. අද මේ කතාව දෙස හොඳින්, විවෘතව බලන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. බලන්න මේ පුංචි දියණිය සමනලියක් වගේ සුන්දරයි.

හැබැයි දෛවයේ මොකක්දෝ හේතුවකට ඇය ගැන අසුන්දර කතාවක් ඔබ හමුවේ අපට ලියන්නම වෙලා.

අපි එතනින් නවතින්න සූදානම් නැහැ. අපි මේ දියණියගේ ජීවිතය ඔබ ඉදිරියේ තියෙනවා. ඇය දැන් ඉන්නේ දෙවිදේවතාවුන් වැනි මිනිසුන්ගෙ සරණක් බලාපොරොත්තුවෙන්.

ඒ ඇයි කියන ප්‍රශ්නය ඔබ හමුවේ ඇති. තවමත් වයස අවුරුදු දහයේ පසුවන ‘මනීෂා චාමින්දි පතිරණ’ පුංචි දියණියගේ කතාව පියවරෙන් පියවර අපි ඔබ හමුවේ ලෙහා දමන්නම්. මේ සියල්ල කඳුළු කැට අතරින් වචනවලට පෙරළා ගොතා දැම්මේ මනිෂාගේ ආදරණීය අම්මා.

අද මනිෂාගේ එකම සෙවණැල්ල මේ ආදරණීය අම්මා (චින්තා නිලූ තරංගි හෙට්ටිආරච්චි) ත් අවුරුදු හතරක පුංචි මල්ලිත් විතරයි කියලා අපිට ඔබට කියන්නම වෙනවා.

”පසුගිය අවුරුද්දේ දුව ශිෂ්‍යත්වයට පෙනී ඉන්න හොඳ සූදානමකින් හිටියේ. දවසක් ස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ වම් කකුල කසනවා කියලා කියන්න ගත්තා. ඊට පස්සේ ඇවිදින්නත් ටිකක් අමාරු වුණා. දුව හොඳට ඉගෙන ගන්න දක්‍ෂයි.

ඒ වෙනකොටත් ශිෂ්‍යත්වයට සති දෙකයි තිබුණෙ. හැමදාම පන්තියේ පළමුවැනියා වුණ නිසා ස්කෝලෙන් වගේම අපිත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. අපි හිතුවේ ඇස්වහ කටවහ නිසා එහෙම වෙන්න ඇති කියලා දේවාලවලට ගිහින් බාරවුණා.

ඒත් දුවට තිබුණු අමාරුව අඩුවුණේම නැහැ. පස්සේ අපි පේරාදෙණිය ඉස්පිරිතාලේට පසුගිය ජූලි 21 දුව අරගෙන ආවා. එතැනදි පරික්‍ෂා කරලා බලලා කිව්වා දුවගේ සුසුම්නාවේ ගෙඩියක් තියෙනවා කියලා. එය ඉතාම ඉක්මනින් ඉවත් කරන්න ඕන ඒ නිසා නුවර මහා ඉස්පිරිතාලේට අරගෙන යන්න කියලා කිව්වා.”

මේ වෙනකොටත් මනිෂා තුළ තිබුණු අමාරුව දරුණු අතට හැරෙමින් තිබුණා. ඒත් මනිෂාගේ අම්මත් තාත්තත් පුළුවන් හැමදේම කරමින් ඉන්න අතරතුර පුංචි දෝණිට ඇති ලෙඩේ සහසුද්දෙන්ම දැනගන්නට හැකියාව ලැබුණා. ඒත් ඒ හෝඩුවාව අම්මා කෙනකුට, තාත්තා කෙනකුට උහුලන්න පුළුවන් තොරතුරක් නෙමෙයි.

මේ පුංචි දෝණිගේ සුසුම්නාවේ ඒ වෙනකොට ඇතිවෙලා තිබුණේ පිළිකා තත්වයක්. අවසානයේ වෛද්‍යවරුන්ගේ එකම නිගමනය වුණේ සැත්කමකින් සුසුම්නාවේ හටගත් ගෙඩිය ඉවත් කළ යුතු බවයි. ඒත් එහි එකම අවදානම මේ සැත්කමෙන් පසු මනිෂාට සදාකාලිකවම එක්තැන්වෙන්නට සිදුවීමයි.

”අපිට වෙනකරන්න දෙයක් තිබුණේ නැහැ. අපිට කිව්වා දුවගේ තත්වය අවදානම් නිසා මේ සැත්කම ඉක්මනින්ම කරන්න කියලා. ඒත් ඒ සැත්කමෙන් පසු දුවගේ ඉනෙන් පහළ පණනැතිව යන බව අපි දැනගෙන හිටියා. රෝද පුටුවක හිටියත් කමක් නැහැ මහත්තයෝ ජීවිතේට කරදරයක් වෙන්නේ නැතිව. ඊට පසු අගෝස්තු 04 දා රංජිත් වික්‍රමසිංහ වෛද්‍යතුමන් ඔපරේෂන් එක දුවට කළා. ඒත් මෙයා කුඩා නිසා ව්‍යායාම කරලා දුවගේ ස්නායු යථා තත්වයට පත්වෙන්න ගත්තොත් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කිව්වා.”

ඒ වෙනුවෙන් මේ අම්මයි තාත්තයි නොවිඳිනා දුක් වින්ඳා. මනිෂාගේ පියා (පතිරණගේ ආනන්ද) රැකියාවක් විදියට කළේ වඩුවැඩ කරන එක. මොන දේ වුණත් දෑතේ ශක්තියෙන් හරිහම්බ කරපු හැමදේම මේ පවුල ශක්තිමත් කරන්න ආනන්ද වෙර වීරිය ගත්තා. ඒ නිසාම රෝද පුටුවකට වැටුණු මනිෂාගේ ජීවිතය කෙසේ හෝ ගොඩගන්න රුපියල් ලක්‍ෂ දෙකහමාරකට වැඩි මුදලක් හොයාගන්න ඔවුන්ට සිද්ධ වුණා. ඒ වෙනුවෙන් තම සන්තකේ ඇති හැමදේම විකුණා කෙසේ හෝ මේ දෝණිව සනීපකරගන්න ඔවුන් හැකි උපරිමය ගත්තා. අවසානයේදී මුදල් මත සියල්ල තීරණය වන සමාජයේ හතර අතට ණය වෙන්නත් ඔවුන්ට සිද්ධ වුණා.

”දුවට ඔපරේෂන් එක කරලා අවසානයේ දෙසැම්බර් 8 දා ගෙදර එක්කරගෙන එන්න හිටියේ. ඒත් මමයි ආනන්දයි ගොඩක් අසරණ වෙලා හිටියේ. අපි එදා වේල හොයාගෙන ජීවත් වුණේ. දුව දකින වාරයක් පාස අපි දෙන්නම මැරි මැරි ඉපදුණේ. ආනන්ද ගොඩක් දුක් වින්ඳා අපිට දුකක් නොදී ජීවත් කරන්න. ඒත් මේ ප්‍රශ්න එක්ක එයා ගොඩක් මානසිකව වැටුණා. අන්තිමේදි දෙසැම්බර් 06 දා මහත්තයෝ...”

චින්තාගේ දෑස්වලින් කඩා වැටෙන කඳුළු වැල් තවත් අවාසනාවන්ත ඉරණමක් ගැන අපිට තොරතුරු හෙළිකළා. මේ වෙනකොට ඉන්න හිටින්න තැනක් නොමැතිව එක වේලකින් කුසපුරවාගෙන ජීවත් වෙන්න වාරුගත්ත චින්තාගේ පවුලේ උදවියගේ මුදුන් මුල කාටත් හොරා සැඟව ගියා.

”එදා ආනන්ද ඉස්පිරිතාලේ හිටියේ ගොඩක් දුකෙන්. ප්‍රශ්න ගොඩක අපි හිටියේ. කාගෙන්වත් පිහිටක් තිබුණේ නැහැ. හදිසියේම ආනන්දට තද පපුවේ අමාරුවක් ආවා. අපි හිතුවේ නැහැ කවදාවත් අපිට මෙහෙම වෙයි කියලා. ඒත් එයා එදා අපි තුන්දෙනාව තනිකරලා අපෙන් සමුගෙන ගියා මහත්තයෝ.”

ඒ අසරණකම දැන් ඔබට හුඟක් හොඳීන් දැනෙනවා ඇති. අද මනිෂාගේ තාත්තා කොහේ හෝ සිට මනිෂා සනීප වෙනකම් බලා ඉන්නවා ඇති කියලා අපි හිතනවා. අවසානයේදි පුංචි දෝණිට ගෙදරට එන්න වෙන්නේ තමන්ට පණමෙන් ආදරය කළ තාත්තගේ නිසල දේහය දැක ගැනීමේ අරමුණින්. මේ ඒ කතාවේ එක් පැත්තක්.

අපි එතනින් විරාමයක් තබා නැවතත් මනිෂා වෙතට හැරෙනවා. අද මනිෂා දෝණි ඉන්නේ අකාරුණික විදිහට රෝද පුටුවකට තල්ලු වෙලා. ඒ නිසාම මේ පුංචි දෝණිගේ පිටුපසින් හටගත් තුවාලය දරුණු අතට පෙරළුණේ කිසිදු දැනීමක් ඇයට ඉනෙන් පහළ නොමැති නිසයි.

”දුවට ඉනෙන් පහළ පණ නැති නිසා ලොකු තුවාලයක් හැදිලා දැන් කොළඹ රිජ්වේ ඉස්පිරිතාලේ ඉන්නේ. දවසට බෙහෙත්වලට ලොකු වියදමක් යනවා. ඒත් මම දැන් තනිවෙලා. බුත්තල අපිට ඉන්න ඉඩම් තිබුණේ නැහැ. ලෑලි අටවාගත්ත ගෙදරක් තිබුණේ. ඒ හැමදේම දාලා මම පුතයි දුවයි අරගෙන බදුල්ලේ මහගෙදරට ආවා. මට එහේ ඉන්නේ අම්මයි තාත්තයි. ඒ දෙන්නත් ඉඳිආප්ප හදලා කඩවලට දාලා ජීවත් වෙන්නේ. අපිව ජීවත් කරන්න ශක්තියක් අම්මලාට නැහැ.”

මේ වෙනකොටත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එකොළොස් වැනි වාට්ටුවේ 25 වැනි ඇඳේ මනීෂා දියණිය අද ප්‍රතිකාර ලබනවා. නමුත් මේ සියල්ල හමුවේ අද මනිෂාගේ අම්මත් මල්ලිත් ගොඩක් අසරණ වෙලා. අඩුම තරමේ ඔවුන්ට අද කන්න බොන්න තියා ඉන්න හිටින්නවත් තැනක් නැතුව ගිහින්. බුත්තල දුටු ගැමුණු ජාතික පාසලේ සමන් සර්ගේ පස්වැනි පන්තියේ අකුරු කරනු මනීෂා විවිධ හැකියාවන් රැසක් උපතින්ම රැගෙන ආ දියණියක් බවත් අපට දැනගන්නට ලැබුණා.

”දුව ඉගෙනගන්න ගොඩක් දක්‍ෂයි. හැම සැරේම පන්තියේ පළමුවැනියා. නැටුම්වලින්, අත් අකුරුවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ හැමදේම තිබුණු දුව තමා දැන් මේ ලෙඩ ඇඳට වෙලා ඉන්නේ. හැම වෙලේම මගෙන් අහන්නේ ආයෙත් එයාට ස්කෝලේ යන්න බැරිවෙයිද කියන එකයි.”

ඔව්, මනීෂා මොනම විදිහකින් හෝ ජීවිතය ගොඩනගන්න හීන මවනවා. ඒ පුංචි හිතේ බලාපොරොත්තු ගොඩක් පොදි බැඳිලා. අප යනවිටත් ලෙඩ ඇඳේ නිසොල්මනේ බලා ඉන්න මේ දියණියගේ සිතුම් පැතුම්වලට මදක් කන්දෙන්නත් අපි හිතුවා.

”මට ආපහු ස්කෝලේ යන්න ඕන. තාත්ත මට කිව්වේ නීතිඥවරියක් වෙන්න කියලා. මම කොහොම හරි නීතිඥවරියක් වෙනවා. මෙහේ දොස්තර මාමලා නැන්දලා ගොඩක් හොඳයි. එයාලා මාව සනීප කරයි.”

ඒ අහිංසක හිතේ ප්‍රාර්ථනා ගණනාවක් තියෙන බව අපට වැටහුණා. හැකි තරම් කෙටියෙන් මේ කතාවේ සාරාංශය අපි ඔබට කිව්වා. පුළුවන් නම් හැකි අයුරින් මනීෂා දියණියගේ ජීවිතයට ශක්තියක් වෙන්න. එහෙම වුණොත් මේ අහිංසක අම්මටයි, මල්ලිටයි ජීවිතයක් තියෙයි. මනීෂා ආයෙත් ජීවිත බලාපොරොත්තු පොදි බඳිමින් සුදු ගවුමකින් සැරසී පාසල වෙත පියමං කරාවි. ඒක එහෙම වෙනවා නම් ලොකු පිනක්. එහෙම නේද?


ලිපිනය - නො. 32/5, පහළ රජ වීදිය, බදුල්ල.
දුරකතනය – 0728 400501ගිණුම් අංක – 075020054966
හැටන් නැෂනල් බැංකුව - බුත්තල ශාඛාව

Monday, April 18, 2011

Needs Blood

A 13 year old student of Ananda College Colombo who is suffering from
Leukemia needs blood transfusion urgently
Please pass this massage to everyone you know & help to save this child's life

Patient's Name : Anjana Lakshan Piyaratne
Hospital : National Cancer Hospital , Maharagama
Ward : Ward No 17
Patients Blood Group : AB - Negative
Blood Group(s) required : Only AB - Negative
Amounts Required : As much as possible
Location to be donated : Blood Bank, Cancer Hospital , Maharagama

For further details please contact
Mr. K. Piyaratne (father) - 0722148919

Monday, April 4, 2011

ආදරණීය බිරියගේ ජීවිතය බේරා දෙන්නැයි ගිශාන්ත ඔබට ආයාචනා කරයි


ජීවිතයක් ලබපු අපි හැමෝ ම බලන්නේ යහතින් ජීවත්වෙන්න. උපන් බිමේ කාටත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඔබ අපි කවුරුත් කැමැතියි. ඒක තමයි විය යුත්තෙත්. අපි දන්නවා අපි එකිනෙකා අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඒ දේට විවිධ නිර්වචන ලබා දෙන්න පුළුවන්. හැබැයි යම් මොහොතක එහෙම ඉන්න ඔබට අපට කුමක් වෙයිද කියලා කවුද දන්නේ.

අන්න එදාට අපි කවුරුත් අන්ත අසරණ වෙනවා. එහෙම වුණා ම ඒ අසරණකමට සරණක් වෙන්න අර අපේ බැඳීම් පුදුමාකාර ශක්තියක් කියලා කවදා හරි දවසක තේරුම් යාවි. මේ කතාව ජීවිතයෙන් බිංදු මාත්‍රයක් ඔස්සේ හෙළි කරන්නේ බොහෝ බලාපොරොත්තු දල්වාගෙන කියලා ඔබට කියන්නම ඕන.

තම ආදරණීය බිරියට ජීවිතයක් හොයාගෙන මහමඟ ඇවිදින ස්වාමි පුරුෂයන් අනන්තවත් අපි අතර ඇති. එහෙම නැහැ කියලා කෙනෙක් කියනවා නම් අපිට පුළුවන් එහෙම සැබෑ ජීවිතයක් හඳුනන මිනිසුන් ඉන්න වග ඔබ ඉදිරියේ සනාථ කර පෙන්නන්න. අදත් අපට තමන්ගේ ආදරණීය බිරියට ජීවිතයක් සොයා මහ මඟ ගිනිගහන මද්දහනේ ඇවිද යන මිනිසකු මුණ ගැසෙනවා.

තවමත් තිස් එක් වැනි තුරුණු වියේ ඉන්න ඔහු ගිශාන්ත කුමාර විජේවික්‍රම විදිහට හඳුනාගන්න ලැබෙද්දී ඔහු ඉන්නේ ගොඩක් අසරණ වෙලා කියලා අපිට තේරුණා. ඒ අසරණකම ඔහුට පමණක් නෙමෙයි. මේ වනවිට මහරගම පිළිකා රෝහලේ 10 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන ගිශාන්තගේ ආදරණීය බිරියට තදින්ම දැනෙනවා කියලත් ඔබට කියන්න ඕන.

“අපි දෙන්නා විවාහ වුණේ 2008 අවුරුද්දේ. එයා හිමාලි හසන්තිකා වීරසේකර. ගම් පළාත නුවර. දෙපැත්තෙම ආශිර්වාදය මැද අපිට පුළුවන් වුණා එක වහලක් යටට එන්න. මමත් හිමාලිත් හීන මැව්වේ යහතින් පවුල් ජීවිතයක් ගොඩනඟා දරු මල්ලන් හදාගෙන හෙඳින් ජීවත් වෙන්න. තාම එයාට අවුරුදු 25 යි. ඒත් දැන් මේ හැම දේ ම අපි දෙන්නට හීනයක් වෙලා.”

ගිශාන්ත මේ කතාව අපිට කියන විට ඔහුගේ දෑස්වලට එක් වුණු කඳුළු අපටත් හොරා හංග ගන්නවා අපි බලාගෙන. ඒත් අද තම ආදරණීය බිරිය කෙසේ හෝ යහතින් ඉන්නවා දකින්න ඔහු විඳින දුක් කන්දරාව ඒ කඳුළු බිඳුවලින් ම අපිට තේරුණා.

“මේ ගිනිමද්දහනේ වුණත් මම මහරගමට ගිහිල්ලා එයා බලලයි ‘රසඳුන’ ට ආවේ. මම මේ දැන් ඉන්නෙත් උණ ගැනිලා. තදට උණ තිබුණ නිසා මට එයා ළඟට යන්න බැරිවුණා දවස් දෙකකින් ම. ඒත් එයාව බලන කම් මට ඉවසිල්ලක් නැතිව හිටියේ. මම දන්නවා එයාට මම ළඟින් ම දැන් ඉන්න ඕන. ඒත් මොනවා කරන්නද මගේ උණ එයාට බෝ වෙයි කියන බයට මම නොගිහින් හිටියේ.”

ඔහු එක දිගට කියවාගෙන යන දේ නවතාලන්න මම උත්සාහ කළේ නැහැ. අපි කවුරුත් අසරණ වුණාම ඔහොම තමයි. සීමා මායිම් දාලා ඒ දේවල් වළක්වන්න උත්සාහ කළොත් ඒක මෙවන් අසරණ වුණු හදවතකට කරන ලොකු පවක්. ඒත් ඇත්තටම හිමාලිට මොකද වුණේ?

“මුලින් ම එයාට උණ සෙම්ප්‍රතිශ්‍යාව හැදුණේ. එක දිගටම උණ තිබුණා. අඩුවෙන්නේ නැති නිසා ජයවර්ධනපුර රෝහලට ගිහින් බෙහෙත් ගත්තා. ඒත් ගත්ත බෙහෙත්වලට අඩුවක් වුණේ නැහැ. මාසයක් විතර ම උණ තිබුණා. ඊට පස්සෙයි ජයවර්ධනපුර රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගත්තේ. පස්සේ එයාට පරීක්ෂණ කිහිපයක් ම කළා. එතැනදී තමයි දැනගත්තේ හිමාලිගේ කොදු ඇට පෙළ ආශ්‍රිතව රෝගයක් තියෙනවා කියලා. ඒ පරීක්ෂණයට පසුව කිව්වේ ඇක්ටිව් ලියුකේමියා AMLMR කියන රෝගය හිමාලිට තියෙනවා කියලා.”

“අපි හීනෙකින්වත් හිතුවේ නැහැ මහත්තයෝ මෙහෙම කරුමක්කාර ලෙඩකට හිමාලිට මුහුණ දෙන්න වෙයි කියලා. එතනින් පස්සේ තමයි ජයවර්ධනපුර රෝහලෙන් කිව්වේ මහරගමට යන්න කියලා. මහේන්ද්‍ර පෙරේරා වෛද්‍යතුමා යටතෙයි හිමාලි දැන් ප්‍රතිකාර ලබන්නේ. දැන් දෙවතාවක් ම මහරගමින් බෙහෙත් කරලා ගෙදර ආවා. මේ තුන් වැනි වතාවටයි මහරගම පිළිකා රෝහලේ එයා නැවතිලා ඉන්නේ. දැන් මාසයකට වඩා වැඩියි මහත්තයෝ. එයාට දැන් බෙහෙත් එන්නත් කරන්න ඕන. ඒ බෙහෙත්වලට ඇඟ වෙව්ලනවා. එහෙම වෙලාවට හුස්ම ගන්නත් අමාරු වෙනවා. එතකොට ඔක්සිජන් දෙන්න ඕන.”

මේ වෙනකොටත් හිමාලි මුහුණ දී ඉන්නේ ජීවිතේ අන්ත අසරණම මොහොතකට. ඒත් ඇය වෙනුවෙන් ගිශාන්ත නොකරන දෙයක් නැති තරම්. නොගිය දේවාලයක් පන්සලක් නොමැති තරම්.

“මම රස්සාවක් කියලා කළේ කුලී රථ රියැදුරෙකු විදිහට වැඩ කළ එක. දැන් ඒ සියල්ලම ඇන හිටලා. මේ වෙනකම් හිමාලිගේ බෙහෙත්වලට ඕන හැම දේටම මම වියදම් කළේ මෙච්චර කාලයක් අපි එකතු කරගෙන තිබුණ මුදල් වලින්. මොනවා කරන්නද මේ අපේ ලැබීම වෙන්න ඇති. හිමාලි ඇඳට වෙලා බයේ අඬන කොට මම කොහොමද බලාගෙන ඉන්නේ. එයාට දැන් දවසට විදින බෙහෙත්වලට ලොකු මුදලක් හොයාගන්න ඕන. ඒත් එහෙම මුදලක් හොයන්න මා ළඟ වත්කමක් නැහැ. දොස්තර මහත්තුරු කියන්නේ මේ විදිහට තව මාස 6 ක් වත් ප්‍රතිකාර කළොත් හිමාලිව සනීප කරගන්න පුළුවන් වෙයි කියලයි. මම ජනාධිපති අරමුදලටත් දැන්නුවා. ඇත්තටම අපි ඉන්නේ ගොඩක් අසරණ වෙලා.”

ගිශාන්ත අපිව හොයාගෙන එන්නේ ඒ අසරණකම මේ පත් ඉරුවේ සටහන් කරන්න. හිමාලිට එන්නත් කරන බෙහෙත් වලට මේ වෙනකොටත් විශාල මුදලක් හොයාගන්න වෙලා. ඇය සනීප කරගන්න එකයි ගිශාන්තට දැන් ඇති එකම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් සොයාගත යුතු මුදල තවමත් ඔහු නොදන්නා තරම්. ඒත් හිමාලි වෙනුවෙන් හැකි අයුරින් ඔබට පුළුවන් නම් සරණක් වෙන්න ඒක ලොකු අස්වැසිල්ලක් වෙයි. මේ වෙනකොටත් අන්ත අසරණව ලෙඩ ඇඳට වෙලා හිමාලි ජීවිතයත් එක්ක විශාල අරගලයක් කරනවා. ඒ අරගලයෙන් ජයගන්න ගිශාන්ත පුළුවන් හැම වෙර වීරියක් ම අරන් ඇයට ශක්තියක් වෙනවා.

ඒත් ඔවුන් ඉන්නේ ආර්ථික අපහසුකම් රාශියක් ඉදිරියේ. පුළුවන් නම් මේ සුන්දර පවුලට ආලෝකය එක්කරන්න ගිශාන්තට ලොකු සහනයක් වෙයි. ඒ වගේ ම ජීවිතයත් එක්ක දෝලනය වන හිමාලි නැවත වතාවක් ආදරයෙන් ගිශාන්තත් එක්ක මැවූ හීන සැබෑ කරගන්න වෙර වීරිය ගනීවි. ඒ වෙනුවෙන් ඔබේ දෑත ඔවුන්ට දිගු කරන්න හැකි නම් මේ ආත්මේ ඔබ ඒ කරන්නේ ලොකු පිනක්.

ලිපිනය - නො. 08,
හයිලෙවල් පාර, පනාගොඩ, හෝමාගම.
දුරකතනය - 0773695969
කොමර්ෂල් බැංකුව - හෝමාගම ශාඛාව - ගිණුම් අංකය - 8750013611

Wednesday, March 9, 2011

පිනට ලැදි මහතුනේ මොවුනට පිහිටක්‌ වුණොත් පිනකි ඔබහට


වයස අවු. 18 වියෑති මෙම දරුවාට ඇඳුමක්‌ නැත. කුසට අහරක්‌ නැත. අසුවන්නේ මොනවාද, ඒ සියල්ල කටේ දමාගැනීම ඔහුගේ සිරිතයි.

ඉතා කුඩා ගුහාවක ගැට ගසා ඇති ඔහු යන ඕනෑම කෙනකු සපා කෑමට පුරුදුව සිටී.

මෙම දරුවා ජීවත් වන්නේ දොම්පේ මැතිවරණ කොට්‌ඨාසයේ කිරිඳිවැල නගරයට කිලෝමීටර් පහක පමණ දුරින් වූ නැදුන්ගොල්ල ගම්මානයේ අපාය නම් නිවසේය. නැදුන්ගොල්ල ගමට ගොස්‌ අපායේ නිවසට යන මාර්ගය විමසුවොත් ඕනෑම කෙනකු දන්නා අතර ප්‍රදේශයේ ජනතාව එම නිවස හඳුන්වන්නේද අපායේ නිවස ලෙසිනි.

මෙම නිවසේ ගෘහ මූලිකාව ඩබ්. කේ. සුමිතා හේමලතා මහත්මියයි. ඇයට දරුවන් තිදෙනෙකි. සැමියා මියගොස්‌ වසර ගණනකි. ඇයට මේ වන විට පිළිසරණයට ඉන්නේ මේ දරුවන්ගේ මහලු සීයා පමණි.

ලොකු දියණියට වයස අවු. 23 කි. ඇය කඩවසම් තරුණියකි. ඇයද ආබාධිතය. බාල පුතා හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඔහුද මීමැස්‌ මොරය නමැති රෝගයෙන් පෙළේ. මේ පිළිබඳව විස්‌තර කළ දරුවන්ගේ සීයා මගේ දුව මෙම දරුවො ජීවත් කරවන්න නොවිඳිනා දුකක්‌ නෑ. දැන් ගෙයින් ගෙට ගිහින් එදිනෙදා කුලියක්‌ හොයාගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ.

මන්ද බුද්ධික පුතා ඔය පුංචි කොටුව ඇතුළෙ හිර කරල ඉන්නේ. එළියට එන්න බෑ. එළියට ආවොත් අතට අසුවෙන ඕනෑම දෙයක්‌ කනවා. මිනිහෙකුගේ ඇඟට උනත් කඩාගෙන පනිනවා. ඇඳුමක්‌ නෑ. දවසක්‌ මේ පුතාගේ කාමරයට ගැරඬියෙක්‌ ගියා. පස්‌සේ බලන කොට ගැරඬියත් කාලා තිබුණා. ඔයා ඉන්න ඔය කොටුව ඇත්තටම අපායක්‌. ඒ නිසයි මිනිස්‌සු කියන්නේ අපායේ ගෙදර කියල. මේ දරුවෝ අනාථ නිවාසවලට යොමු කරන්න උත්සාහ කළා. හරිගියේ නෑ. මේක තමයි ඇත්ත. අහල පහල අයටත් සැමදාම අපට සලකන්න හැකියාවක්‌ නෑ.

ඔවුන්ට ඇත්තේ ගෙයක්‌ නොව පුංචි අතුපැලකි. තද වර්ෂාවක්‌ ආවොත් නොතෙමෙන තැනක්‌ නොමැත. මේ දිනවල පවතින මැතිවරණය නිසා අපේක්‌ෂකයන් ආවා. අපේ දුක දැකල මිලාන් ජයතිලක මහතා මාසෙකට පමණ ආහාර එවල තිබුණා.

කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ආවා. එතුමා මේක දැකලා අදහගන්න බැරිව බලාගෙන හිටියා. මේ නිවස හදන්න උදව් කරන්නම් කිව්වා. මේ ගමනට එක්‌වුණු කිරිඳිවැල සිංගර් ආයතනයේ කළමනාකරු වූ කමල් කුමාරගේ මහතාද ඔවුන් මෙම දුකින් මුදාගැනීමේ මෙහෙයුමට දායක වී සිටී.

මේ කතාව බලල කියවල මේ පවුලට පිහිට වෙන්න කවුරුහරි උපකාරී කළොත් එය ලොකුම පින්කමකි. ඒ සඳහා උගත්, බුද්ධිමත්, පිංවත්, දානපති ඔබගේ සහාය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර මොනයම් හෝ ආයතනයක්‌ සංවිධානයකට හෝ මේ සඳහා දායක විය හැක. ඔවුන්ගේ ලිපිනය, ඩබ්ලිව්. ඒ. කේ. එස්‌. එස්‌. හේමලතා මිය, අංක 301 ඒ, නැදුන්ගොල්ල, මණ්‌ඩාවල. ගි. අ. කිරිඳිවැල ලංකා බැංකුව 9367344 හෝ මෙම කාර්යයේ මූලිකව කටයුතු කරන කිරිඳිවැල සිංගර් ආයතනයේ කළමනාකරු කමල් කුමාරගේ මහතා දු.ක. 077638980 හෝ 0777194332 ට කතාකර අවශ්‍ය වැඩි විස්‌තර ලබාගත හැකිය

Tuesday, March 8, 2011

ශ්‍රවණාබාධිත දියණියට පිහිට වෙමු


දෙහැවිරිදි කේ. රසාදි මුතුනිමා පෙරේරා දියණිය උපතින්ම පූර්ණ ශ්‍රවණාබාධිත වීමෙන් ඇගේ අනාගතය අඳුරුව පවතී. හැකි ඉක්‌මනින් "කර්ණසංඛ බද්ධ" කිරීමක්‌ කළහොත් ඇය සුවපත් කළ හැකි බව පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය සිසිර බණ්‌ඩාර ඇතුල්ගම මහතා පවසයි.

රුපියල් ලක්‌ෂ 24 ක්‌ පමණ මෙම සැත්කම හා අවශ්‍ය ඖෂධ සඳහා වැය කළ යුතුය. ස්‌ථිර රැකියාවක්‌ නොමැති හා ආර්ථික අපහසුකම්වලින් පිරි ඇගේ දෙමාපියන්ට තවත් දරු දෙදෙනකුද සිටින බැවින් මෙතරම් විශාල මුදලක්‌ සොයාගත නොහැකිය.

රසාදි මුතුනිමාගේ දෙකන් ඇසීමට ඔබගෙන් ලැබෙන ආධාර මුදල මහඟු ඖෂධයක්‌ වන බැවින් අසරණ දෙමාපියන් ඔබගේ පිළිසරණ බලාපොරොත්තු වෙති.

මොවුන්ගේ පදිංචිය හෙන්නත්කන්ද, හඟරාපිටිය, හැටන් නගරයයි. ගිනිගත්හේන මහජන බැංකුවේ ගිණුම් අංක 302-2-001-8-0009308 දරන ගිණුමට පිංවත් ඔබගේ ආධාර මුදල් ලබාදෙන ලෙස දෙමාපියෝ අයෑද සිටිති.

Monday, March 7, 2011

මේ අසරණ දරුවා වෙනුවෙන් පිහිටක්‌ වෙනවා නම් පිනක්‌


අංක 222, කඳවල, ජයමාවත කටාන ලිපිනයේ පදිංචි හපුආරච්චිගේ පීටර් කැනීසියුස්‌ අප්පුහාමි මහතාට සහ වර්ණකුලසූරිය, ක්‌ලාරා ප්‍රනාන්දු මහත්මියට දරුවෝ දෙදෙනෙක්‌ සිටිති. ඉන් වැඩිමල් දරුවා අ. පො. ස. (උ. පෙ) විභාගයෙන් අනතුරුව රැකියාවක්‌ අපේක්‌ෂාවෙන් සිටී. පවුලේ දෙවැන්නා ප්‍රාන් දනුරයි. ඔහු ඉපදී තියෙන්නේ 2000/08/21 දින උපන්දා සිට ඔහුගේ දෙපා පන නැත. කන් ඇසෙන්නේද නැත. කතා කිරීමටද නොහැකිය. හිස ඔසවා සිටීමට ද නොහැකිය. අඩුම ගානේ රෝද පුටුවකවත් වාඩිවී සිටීමට නොහැකිය. ඔහු ජීවත් වන්නේ බේත් බලයෙනි. මේ සඳහා මාසයකට රු. 4000 - 5000 ත් අතර මුදලක්‌ වැය වන බව පියා අප සමග පැවැසීය. කුලී වැඩ කරමින් පවුල ජීවත් කරවන ඔහුට මේ තත්ත්වයට මුහුණදීමට ඉතා අපහසු වී තිබේ. දරුවාත් සමඟ ඔට්‌ටු වී අද ඔහුගේ බිරිඳ පසුවන්නේ ඇදුම රෝගයේ ගොදුරක්‌ බවට පත්වය.

උපන්දා සිටම ස්‌නායු ආබාධයකින් පෙළෙන මේ දරුවා ඉපදී තෙමසකින් සුවපත් වන බව ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් කීවත් දැන් ඔහුගේ වයස අවුරුදු 9 කි. කොළඹ ජාතික රෝහල, රාගම පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ප්‍රාන්ගේ තත්ත්වයේ කිසිදු වෙනසක්‌ සිදුවී නොමැත.

අනුන්ගේ නිවසක දිවි ගෙවන මේ පවුලට අද දයාවේ හස්‌තයක පහස අවශ්‍ය වී තිබේ. බිම දිගාවී සිටින මේ දරුවාගේ දෙමාපියන්ට බේත් ටිකක්‌ ගන්න මුදලක්‌ හා ඉන්න හිටින්න අතු පැලක්‌ හරි අටවා දෙන්න ඔබටත් හැකිනම් ඒ මේ ජීවිතයේ කර ගන්නා උතුම්ම පිංකමක්‌ වනවා නොඅනුමානයි. පීටර් කැනීසියස්‌ මහතා නමින් මීගමුව මහජන බැංකුවේ ගිණුම් අංකයට ඔබටත් දායක විය හැකිය. 034 - 2 - 001 - 4 - 0011688 .

Thursday, March 3, 2011

ඉලංදාරියා

http://ilandhariaya.blogspot.com/

pls help

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )