Tuesday, December 10, 2013

ආධාර කළොත් පිනක්‌



වේයන්ගොඩ, නිකාඩාවත්ත අංක 07 ඩී නිවසේ පදිංචි කේ. පී. චJද්‍රසේන මහතා සහ කේ. චJද්‍රdණි යන අයගේ එකම පුතණුවන් වන දහඅට වියෑති චතුර සාමින්ද උපතින්ම ආබාධිතය.

තරුණ වියට පා තබා ඇතත් මොළය නොවැඩීම නිසා කරන කියන කිසිවක්‌ අවබෝධ නොවෙයි. නැගිටීමට කතාකිරීමට තබා ඉඳගැනීමටවත් නොහැක. සියලුම ආවතේව කළ යුතු වන්නේ පියා සහ මව විසිනි. වැඩුණු ශරීරයකින් යුතුවීම නිසා ආවතේව කිරීමේදී මවට පමණක්‌ ඔහු එසවීමට නොහැකි නිසා පියාද ඔහු වෙනුවෙන්ම කාලය ගත කළ යුතුව ඇත.

රජයෙන් ලැබුණු ඉඩමක යන්තමින් අටවාගත් පැල්පතක ආබාධිත පුතණුවන්, වැඩිවිය පත් දියණියන් තිදෙනකු හා මාපිය දෙදෙනා ඇතුළු හයදෙනකු දැඩි අපහසුතා මත ජීවත් වන අතර ආබාධිත දරුවා ආහාර නොගන්නා බැවින් මසකට කිරි පැකට්‌ අටක්‌ සඳහා ද වියදම් කළ යුතුව ඇති බැවින් පින්වත් ඔබගේ ආධාරය ලැබේනම් සහනයක්‌ බව ආබාධිත දරුවාගේ පියා ඉල්ලීමක්‌ කරයි.

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ   Divaina 2013.12.10

Sunday, December 1, 2013

ලක්ෂ ‍එකොළහකට ජීවිතේ අවදානමක ඉන්න අනුරුද්ධික බේරා ගනිමු

ජීවිතේ එක්ක අපි හරි හරියට එහෙට මෙහෙට දෝලනය වෙනවා. ඒ ඇයි කියලා මම ඔබෙන් අහන්නේ නෑ. මොකද ඔබට මට උපන්නා නම් ජීවත්වෙන්නම සිදුවෙන හින්දා. හැබැයි ඒ ජීවිතේට එල්ලවෙන ප්‍රශ්න දිහා බැලුවොත් මොකට උපන්නද කියලා සමහර විට ඔබට හිතෙයි. ප්‍රශ්න කියලා ජීවිතෙන් පැනලා යනවට වඩා ඒවට මුහුණදීලා ජීවිතේ ගැටගහ ගන්න පුළුවන් නම් ඔන්න අපි හැමෝ ම ගොඩ.
ඒක හිතන තරම් ලෙහෙසි පහසු නෑ කියලා සමහර අය මුහුණ දෙන ප්‍රශ්න දිහා බැලුවම හොඳින් ම තේරුම් ගන්න ඔබට පුළුවන් වෙයි. අද අපි එහෙම කතාවක් ඔබට කියන්නම්. එතැනින් පස්සේ කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා පොඩ්ඩක් හිතන්න කියලත් අපි ඔබට කියනවා. අවුරුදු 25 ක යෞවනයෙක් අද ඉන්නේ ජීවිතේ ගොඩක් අසරණ වෙලා. ඔහු විතරක් නෙවෙයි ඒ අසරණකම අද මුළු පවුලම වෙලාගෙන ඉන්න මොහොතක අපිව හොයාගෙන. මේ අම්මයි තාත්තයි අනුරුද්ධික බාලම මල්ලියි ආවේ හැමෝටම මේ කතාව දැනගන්නම අපිට ලියන්න කියලා කියන්න.
කිතුලවිල පාර කිරිවත්තුඩුවේ පදිංචි හර්ෂ අනුරුද්ධික කරදඬු උස් මහත් වෙනකොටම තාත්තත් එක්ක මේසන් හැන්ද අතට අරගෙන රස්සාවට බැස්සේ එන්න එන්නම ගෙදරට එන ආර්ථික ප්‍රශ්නවලින් බේරෙන්න ඕන හින්දා‍. ඒත් ඒ කාර්යය අහිංසක විදිහට කරගෙන යන්නට අනුරුද්ධිකට බැරි විදිහට දරුණු හිසේ කැක්කුමක් හැදුණා.
“ගිය අවුරුද්දේ පුතාට තද ඔළුවේ කැක්කුමක් ආවා. ඇස් පෙනීම අඩුවෙන්න ගත්තා. ටික ටික එයාට ඇවිදින්න බැරි වෙන්න ගත්තා. ඊට පස්සේ කොළඹ මහා රෝහලට ආවේ බෙහෙත් ගන්න. එතනින් කිව්වා පරීක්ෂා කරන්න ඕන ඒ නිසා එම්.ආර්.අයි. ස්කෑන් එකක් කරන්න කියලා. ඊට පස්සේ තමයි මහත්තයෝ පුතාගේ මොළයේ ගෙඩි තුනක් තියෙනවා කියලා දැනගත්තේ.”
මේ ගෙඩි සැත්කමක් මගින් ඉවත් කරන්න පුළුවන් වුණත් මහා ‍රෝහලේ මේ සැත්කම කරන්න අමාරුයි කිව්වා. එතැනදී අපි ගොඩක් අසරණ වුණා. පස්සේ අපි පුතාව මේ පිළිබඳ ප්‍රසිද්ධ විශේෂඥ දොස්තර මහත්තයකුටපෙන්නුවා. ඩොක්ටර් කිව්වා පුතාගේ සැත්කම කරන්න වෙන්නේ පෞද්ගලික රෝහලක නිසා ලක්ෂ විස්සක පමණ මුදලක් හොයාගන්න වෙයි කියලා. ඒකට අවශ්‍ය ලියකියවිලි පවා හදලා දුන්නා” අනුරුද්ධිකට සිදුවුණු දේ කඳුළු පිරි නෙත්වලින් ඒ අම්මයි තාත්තයි පැහැදිලි කරන්න ගත්තෙ එහෙමයි.
ඉක්මනින් ම සැත්කම කරන්න ඕන හින්දා අනුරුද්ධිකගේ අම්මයි තාත්තයි ජනාධිපති අරමුදලටත් දන්වලා අවශ්‍ය මුදල හොයාගන්න ටිකට් පොත් පවා මුද්‍රණය කරගත්තා. ඒත් හිතන තරම් ඒක සාර්ථක නොවුණේ වංචාකාර විදිහට එවැනි ටිකට් පත් මේ සමාජයේ අලෙවි වන නිසා. ඔය අතරෙදිම අනුරුද්ධිකගේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙන්න ගත්තා‍. වෛද්‍ය නිගමනය වුණේ අනුරුද්ධිකගේ ජීවිතය වෙනුවෙන් හැකි ඉක්මනි න් මේ සැත්කම කරන්න කියලයි.
“පුතාගේ ජීවිතේට අනතුරුදායක වැඩියි කියලා රුපියල් විසි පන්දහක් බැදලා ඒ පෞද්ගලික රෝහලේ මේ සැත්කම කරන්න වුණා. ඒකට විශේෂඥ වෛද්‍යතුමා අනුමැතිය අරගෙන දුන්නා. මේ අවුරුද්දේ ජූනි මාසේ 13 වැනිදා සැත්කම කළාට පස්සේ ලක්ෂ දාහතක බිලක් ලැබුණා. අපිට කරකියා ගන්න දෙයක් නැතුව ගියා. සැත්කම කළ දොස්තර මහත්තයා හදිසියේ ම රට ගියා. රෝහලෙන් කිව්වා බිල ගෙවනකම් ටිකට් කපන්න බැහැ කියලා. අපි දුක් විඳලා පන් ලක්ෂ අසූ එක් දහසක් වෙනකම් ගෙව්වා. ඒත් පුතාට රෝහලෙන් යන්න බෑ බිල සම්පූර්ණයෙන් ගෙවනකම්. තාත්තා කෙනෙක් විදිහට මම ගොඩක් අසරණ වුණා. මම මේසන් වැඩ කළේ. මේ ප්‍රශ්නෙත් එක්ක ඒ හැම දේම නැතිවෙලා ගියා.”
“අපි දන්නා කියන හැම තැනටම ගියා. ලියුම් ලිව්වා. බැරිම තැන සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියා. එතැනදී ලැබුණු සහනය එක්ක රෝහලෙන් පුතාව එළියට දුන්නේ මාස දෙකක් ඇතුළත බිල සම්පූර්ණයෙන් ගෙවන්න ලියකියවිලි අරගෙන. මේ වෙනකොට එම පෞද්ගලික රෝහලට ලක්ෂ එකො‍ළහක් ගෙවන්න තියෙනවා. පුතාට තවත් ඔපරේෂන් දෙකක් කරන්න තියෙනවා. මුල් සැත්කම කළාට පස්සේ පුතාට කන්න බැහැ. ඇවිදින්න අමාරුයි. ඇස් පේන්නේ නැහැ. අනෙක් සැත්කම් දෙක කළාට පස්සේ හොඳ තත්ත්වෙට පුතා එයි කිව්වා.
ඒත් මේ වෙනකොටත් ඒ හැමදේම එක්ක රෝහලට මාසෙකට ගෙවන්න ඕන මුදල රුපියල් පන්ලක්ෂ හැත්තෑපන් දහස් දෙසිය තිහයි ශත පනස් හතක්. ඒ මුදල වගේ ම අනුරුද්ධගේ බෙහෙත් වලටත්.
අනුරුද්ධගේ බාල සහෝදරයින් දෙන්නව බලා කියා ගන්න විතරක් නෙවෙයි දැනට කුලියට ඉන්න ගෙදර කුලිය ගෙවන්නත් මේ අසරණ අම්මටයි තාත්තටයි සිද්ධ වෙලා.
දැන් රෝහලට සල්ලි ගෙවන්න ඕන දින පහුවෙලා මහත්තයෝ. අපිට නඩු දානවා කියලා දැනුම් දෙනවා. අපි කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. අපි ටිකට් ගැහැව්වා ඒවා විකුණගන්න බැහැ. ජනාධිපති අරමුදලින් ලක්ෂ දෙක හමාරක් දුන්නා. බැරිම තැන තමයි අපි පත්තරේට මේ දුක කියන්න ආවේ.
මේ කතාවේ අලගිය මුලගිය තැන් ගොඩක් තිබුණත් අපි සරලව මේ කතාව ඔබ ඉදිරියේ ලෙහා දැම්මේ ඔවුන් මුහුණ දීලා ඉන්න ප්‍රශ්නේ ඔබට තේරුම් කරන්න. අවුරුදු 25 ක යෞවනයකු වන අනුරුද්ධික ජීවිතේ එක්ක ජීවත්වෙන්න අරගල කරද්දී අනුරුද්ධිකගේ අම්මයි තාත්තයි අනුරුද්ධිකට සැත්කම කළ රෝහලට බිල ගෙවාගන්න බැරි තැන අන්ත අසරණව ගිනි ගහන අව්වේ පාරක් පාරක් ගානේ දහ දුක් විඳිනවා.
දැන් ප්‍රශ්නේ අනුරුද්ධිකගේ ජීවිතේ ද රෝහලේ ලක්ෂ එකොළහමාරේ බිල ද? කියන එකයි. හැබැයි මේ දෙකම එකම විදිහට අද මේ අසරණ අම්මාගෙයි තාත්තාගෙයි විතරක් නෙවෙයි බාල දරුවෝ දෙන්නගේ ජීවිතවලටත් බලපාලා. සමහරු ජීවිතේ පස්කම් සැප වෙනුවෙන් එක රැයක ලක්ෂ ගණන් විසි කරද්දී තවත් සමහරු කුසට එක වේලක් නැතුව ජීවිතේ එක්ක හූල්ලමින් ඉන්නවා.
මේක තමයි ඇත්ත. හැබැයි පුළුවන් නම් ලක්ෂ ගණන් විසි කරලා එක රැයක ජීවිතේ හොයන උදවියට අනුරුද්ධිකවගේ අසරණ තරුණ ජීවිතයක් ගොඩදාන්න පුළුවන් නම් ඒක කොයිතරම් පිනක් ද? අපි ඔබට කියන්නේ ජීවිතේ එක්ක එල්ලෙන අනුරුද්ධිකගේ ජීවිතේද? නැත්නම් පෞද්ගලික රෝහලේ බිල ද?
මේ කාරණා දෙක අපි ඔබ ඉදිරියේ කියන්නේ මනුසත් ලෝකයේ දෙවිවරු ඉන්නවා යැයි විශ්වාස කරන නිසා. ඒ ප්‍රශ්නාර්ථය හිසේ තියාගෙන මේ අසරණ අම්මයි තාත්තයි ඔබ දිහා බලන් ඉන්නවා. ලෙඩ ඇඳකට වෙලා හර්ෂ අනුරුද්ධික බලන් ඉන්නවා. පුළුවන් නම් සරණක් වෙන්න. ඒක ඔබ මේ ආත්මේ රැස්කරන ලොකු පිනක්.
ලිපිනය - නො. 130/ ඒ/ 31,
කිතුලවිල පාර, කිරිවත්තුඩුව.
දුරකථනය - 0752833128, 0710909128.
මහජන බැංකුව - හෝමාගම - 049200130025748
 

වසන්ත ජයසිංහ ආරච්චිගේ
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ    2013.12.01 -  Silumina

Monday, July 8, 2013

"ඕ" පොසිටිව් වකුගඩුවක්‌ ඕනෑ කර තිබේ

"ඕ" පොසිටිව් වකුගඩුවක්‌ ඕනෑ කර තිබේ

සමාජ මෙහෙවරක නිරතව සිටින මහත්මයකුට වැළඳී ඇති වකුගඩු රෝගයකින් ඔහුව සුවපත් කර ගැනීම සඳහා "ඕ" පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

වකුගඩුවක්‌ පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙත්නම් කරුණාකර දුරකථන අංක 0773261212 හෝ අංක 148F1 රාස්‌සපාර, බෝමිරිය, කඩුවෙල යන ලිපිනයට දන්වන ලෙස ඒ මහතාගේ හිතවතුන් ඉල්ලීමක්‌ කරයි.

Saturday, March 30, 2013

Friday, March 15, 2013

Please Help and Save




කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ *ආශිර්වාද පහන්* මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්..


Account Holders Name: Students Union UCSC
Account Number: 086 200 171 173 380
Bank: Peoples Bank, Thimbirigasyaya