Wednesday, May 28, 2014

වකුගඩු සැත්කමට ආධාර පතයි


පානදුර, ගොරකාන, තිලක පාරේ අංක 40/37 නිවසේ පදිංචි පතිරණගේ දේවිකා ගයාත්‍රි නිලූෂා (ජා. හැ. අංක 805230266ඩ) නමැති 34 වියෑති දෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන්නීය. ඇයට 2010 වර්ෂයේදී ද නාරාහේන්පිට ලංකා රෝහලේදී වකුගඩුවක්‌ බද්ධ කළ අතර දැන් එම වකුගඩුව අක්‍රීය වී ඇත.

වෛද්‍ය නිර්දේශ මත ඇයට යළිත් වරක්‌ ඉතා ඉක්‌මනින් වකුගඩුවක්‌ බද්ධ කිරීමට සිදු වී තිබේ. නාරාහේන්පිට ලංකා රෝහලේදී 2014-06-06 දින ඇයගේ සැත්කම හදිසියේ සිදු කිරීමට යොදාගෙන ඇත. (රෝහල් ලිපිගොනු අංකය 304343) මේ සඳහා රුපියල් ලක්‍ෂ 16 ක්‌ පමණ වැය වන අතර එතරම් මුදලක්‌ සොයා ගැනීමට නොහැකි හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි. යම් කිසි මුදලක්‌ පරිත්‍යාග කිරීමට කැමැති අය වෙත්නම් පානදුර, කෙසෙල්වත්ත මහජන බැංකුවේ අංක 148-2-001-0-0020441 දරන ඉතිරි කිරීමේ ගිණුමට බැර කරන මෙන් කාරුණික ඉල්ලීමක්‌ කෙරේ. දුරකථන අංකය 0718 770718.



2014.05.29 - Divaina

පුංචි හිරුෂාන් සැත්කමට ආධාර පතයි

ඡේ. හිරුෂාන් හය හැවිරිදි කෙළිලොල් සුරතල් දරුවෙකි. ඒ දරුවා කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයෙන් පීඩා විඳී.

මාස හතේදී පමණ රෝගය හඳුනාගත් පසුව විශේෂ ජැකට්‌ටු මගින් රෝගය පාලනය කළ අතර පසුව රුපියල් ලක්‍ෂ පහළොවක්‌ වැය කර ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී පළමු සැත්කම සිදුකර ඇත.

පියා ඇඳුම් මසා ජීවිතය ගැට ගසා ගන්නා අතර මවට රැකියාවක්‌ද නැත. මෙම දරුවා දැනට මාර/පට්‌ටිගල කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටින අතර දරුවාගේ වැඩීමට සමගාමීව කොඳු ඇට පෙළ ආශ්‍රිතව තවත් සැත්කමක්‌ කළ යුතු බවට ඇපලෝ රෝහල් කොඳු නාරටි පිළිබඳව විශේෂඥ වෛද්‍ය සාජන් කේ. හෙ- මහතා නිර්දේශ කර ඇත.

ශල්‍යකර්මය නොමිලේ කරදීමට වෛද්‍යවරයා කැමැත්ත පළ කළද දරුවා රෝහල්ගත කිරීම ඇතුළු වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හයක්‌ පමණ වැයවෙතැයි ගණන් බලා තිබේ.

මේ දරුවාගේ වටිනා ජීවිතය බේරාගෙන ඔහු නීරෝගී දරුවකු වනු දැකීමට කැමති පරිත්‍යාගශීලීන්ට ඌරුබොක්‌ක හැටන් නැෂනල් බැංකුවේ දරුවාගේ පියා වන ෙ-. මෛත්‍රීදාස මහතාගේ නමින් ඇති අංක 199020022960 දරන ගිණුමට මුදල් බැර කළ හැකි අතර දුරකථන අංක 0783624315 071-2859552, 0719633943 යන දුරකථන අංක ඔස්‌සේ මේ පිළිබඳ වැඩිදුර විස්‌තර ලබාගත හැකි බව පියා පරිත්‍යාගශීලීන්ට කාරුණිකව දන්වා සිටී.



2014.05.29 - Divaina

සමාජයට අමිල මෙහෙවරක්‌ කළ ග්‍රේෂන් අද හොඳටම අසරණයි


පමුණුගම, උස්‌වැටකෙයියාව, පරණම්බලම ප්‍රදේශයේ "ජනෝදය" නමැති සංවිධානයේ සජීවකයෙකු ලෙස අමිල මෙහෙවරක්‌ ඉටු කරමින් ප්‍රදේශයේ විශාල දුගී දුප්පත් ජනතාවකට සුබ සෙත සැලසූ ග්‍රේෂන් ගොඩ්ප්‍රි නමැති මානව හිතවාදියා පෙනහැල්ලේ ආබාධයක්‌ නිසා රෝගීව අසරණව එක්‌තැන්වී සිටියි.

ආහාරපාන ආදිය පවා ගත නොහැකි පරිදි ගිලන්ව සිටින ඔහු යෑපෙන්නේ පිටි වර්ග සහ පලතුරු ආදියෙන් පමණි. එහෙත් දැනට කිසිම ආදායමක්‌ නැති ඔහුට එයද ලබා ගැනීSම අසීරුවී ඇත.

තම සැමියා සමග කරට කර ජීවන සටනට උරදුන් බිරිඳටද, ඔහු අසලටම වී සිටීමට සිදුවීම නිසා කිසිවක්‌ කර කියා ගත නොහැකිය.

මෙයට අමතරව ඔවුන්ගේ දරු දෙදෙනාද රැක බලා නඩත්තු කරගත යුතුව ඇත. පස්‌හාරන යන්ත්‍ර (eංජ්ඩ්එදර) පුහුණුවක්‌ ලබා ඇති පිරිමි දරුවාට එම ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ දීමට හැකි අයෙක්‌ සිටී නම් ඔවුන්ගේ ජීවිතවලට එය අත්වැලක්‌ වනු ඇත. නව හැවිරිදි දියණියද පාසල් සිසුවියකි. ඇය ඉගෙනීමට දක්‍ෂ දීප්තිමත් ශිෂ්‍යාවකි.

ඔබගේ කාරුණික සැලකිල්ලට භාජනය කොට ඔවුන්ට කුමන අන්දමේ හෝ සහනයක්‌ සැලසිය හැකි නම් එය එලෝ මෙලෝ යහපත සලසා ගැනීමක්‌ බව සඳහන් කරනු කැමැත්තෙමි. ගොඩ්ප්‍රිගේ බිරිඳ විසින් අතමිට සරු කාලයේ ක¹න මහජන බැංකුවේ අරඹා ඇති ඉතිරි කිරීමේ ගිණුම මේ සඳහා ඔබට ප්‍රයෝජනවත් වේ යෑයි සිතමි. එහි අංකය මෙසේය. 175200160005285 ඇයගේ ලිපිනය මෙසේය. කේ. ඒ. එස්‌. ඩී. පෙරේරා මහත්මිය. නිවාස අංක 721/එෆ්/3, පුබුදුගම, උස්‌වැටකෙයියාව.

පමුණුගම - එස්‌. කේ. ඡේ. කුරේරා


2014.05.29 - Divaina

Tuesday, May 27, 2014

ඉඳුනිල් හේමන්තට ඔබේ ආධාරය අවශ්‍යයි




අංගොඩ හිඹුටානේ පදිංචි 49 හැවිරිදි ඉඳුනිල් හේමන්ත මහතා බරපතළ ලෙස රෝගාතුරවී සිටින අතර වහාම ඔහුට හෘද සැත්කමක්‌ කළ යුතු බවට විශේෂඥ දොස්‌තරවරුන් නිර්දේශ කර ඇත.

ආසිරි රෝහලේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාගේ උපදෙස්‌ මත සැත්කම සිදු කිරීමට නියමිත අතර මෙම සැත්කම සඳහා වියදම ලක්‍ෂ 8 1/2 ක්‌ පමණ වේ. එහෙත් කිසිම බාහිර ආදායමක්‌ නැති හේමන්ත මහතාට මෙම මුදල සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇති අතර ඒ සඳහා ඔහු මහජන සහය පතයි. විවාහකයකු වන ඔහු තුන්දරු පියකු වන අතර දරුවන්ට හෝ බිරියටද කිසිම ආදායම් මාර්ගයක්‌ නැත. හේමන්ත මහතාට ආධාරයක්‌ කිරීමට කැමැති දානපතින්ට කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌හි, සෙලාන් බැංකුවේ අංක 0220-ඛ38495-101 යන ගිණුමට පරිත්‍යාගය බැර කළ හැකිය.



2014.05.28 - Divaina

Monday, May 26, 2014

වකුගඩු රෝගියා ඔබේ ආධාර පතයි

කොච්චිකඩේ, දලුවකොටුව, තක්‌කියා පාර 487/1, දරන නිවසේ පදිංචි එස්‌. කේ. ඩබ්. කමලසූරිය මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් හැකි ඉක්‌මනින් වකුගඩුවක්‌ බද්ධ කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. ඒ සඳහා විශාල මුදලක්‌ වැය වන බැවින් අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් උපකාර බලාපොරොත්තු වේ. ඒ සඳහා සම්පත් බැංකුවේ හාබර් වීව් ශාඛාවේ අංක( 105853211655 දරන ගිණුමක්‌ විවෘත කර ඇත. වැඩිදුර විස්‌තර 0724411322 දුරකථන අංකයෙන් දැන ගත හැක.


Divaina - 2014.05.27

මාස 3 ක සිට සිහිසුන්ව සිටින සචිනිට අපිත් උපකාර කරමු

විල්සන් විඡේරත්න - ඉත්තෑපාන

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ, 777, වලගෙදර ග්‍රාම සේවා වසමේ, වෙසෙන සචිනි සාරංගා ජයසිංහ (22) මෙනවියගේ හිසේ ඇතිවූ රෝගී තත්ත්වයක්‌ නිසා, කොළඹ මහ රෝහලේදී සිදුකළ සැත්කමකින් පසුව, දැනට මාස 3 කට අධික කාලයක්‌ තිස්‌සේ සිහි නොමැතිව සිටීම පිළිබඳව ඇයගේ පවුලේ අය මෙන්ම ගම්වැසියන්ද පසුවන්නේ බලවත් සංවේගයකින් යුතුවය.

මේ පිළිබඳව ඇගේ මව වන ලීලාවතී කොඩිතුවක්‌කු මහත්මිය අදහස්‌ දැක්‌වූයේ මෙසේය.

මෙම රෝගී තත්ත්වයේ පසුවන්නේ මගේ දෙවැනි දරුවායි. අපට තවත් දූවරු දෙදෙනෙක්‌ සිටිනවා. මගේ ස්‌වාමිපුරුෂයා රැකියාව වශයෙන් කරන්නේ පෙදරේරු වැඩ. සචිනි දුව පාසල් අධ්‍යාපනයෙන් පසුව මතුගම එයිටිකන් ස්‌පෙන්ස්‌ ඇඟලුම් කම්හලේ රැකියාව කරමින් සිටියා. ඉතා නිරෝගී තත්ත්වයෙන් සිටි ඇය විවේක ඇති අවස්‌ථාවලදී වොලිබෝල් ක්‍රීඩාවේද යෙදුණා.

මෙම කනගාටුදායක සිද්ධිය වූ දින සවස ඇය මා සමඟ කීවා ඇඟ රිදෙන බව. පසුව හිසේ වේදනාවක්‌ දැනෙන බවත් කීවා. පසුව ඇයට ක්‌ලාන්තයක්‌ වාගේ හැදුණා. ඒ සඳහා යම් යම් ප්‍රථමාධාර දුන්නත්, එයින් සුවයක්‌ ලැබුණේ නැහැ.

පසුව ඇයව ධර්ගා නගරයේ රෝහලට ගෙන ගියා. එහිදී රෝගියාව නාගොඩ රෝහලට යෑව්වා. පසුව ඇයව වෛද්‍යවරුන් පරීක්‍ෂා කර බලා කොළඹ මහ රෝහලට යෑවීමට අවශ්‍ය කටයුතු සිදු කළා. එම රෝහලේදී රෝගියාගේ හිසේ සැත්කමක්‌ කළා. අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මාස 3 ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ප්‍රතිකාර ලබා දුන්නා.

මේ පිළිබඳව වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ස්‌නායු පිළිබඳ ආබාධයක්‌ නිසා මෙය සිදුවිය හැකි බවයි. මේ වනවිට ඇය නිවසේ සිට කරාපිටිය රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබනවා.

තවමත් ඇය සිහි නොමැතිව සිටින නිසා, නාසයෙන් දැමූ බටය මගින් දියර ආහාර පමණක්‌ ලබාදීමට සිදුවී තිබෙනවා.

ඌරගහ සිරිධම්ම හිමිපාණන් ඇයට සෙත්පතා පිරිත් සඡ්Cධායනා කරනවා. ඇයට සෙත් පැතීම සඳහා මරණයට කැපවූ ගවයකුට ද පසුගියදා අභයදානය දෙනු ලැබුවා.

වැලිපැන්න පොලිසියේ අනිල් විතාන මහතාත් ග්‍රාම නිලධාරි උපුල් සෙන්දනායක මහතා ඇතුළු ගම්වාසීන්ද අපට ඒ සඳහා උදව් කළා.

කෙළිදෙලෙන් හා සතුටින් සිටි මගේ රත්තරන් දියණියට මුහුණ පෑමට සිදුවූ මෙම මහා ව්‍යසනය මට නම් ඉවසා දරාගෙන ඉන්න බැහැ. මේ නිසා අපේ සියලුම දේවල් අවුල් වෙලා. විශාල කරදරයකට පත්වෙලයි ඉන්නේ. දැන් අපි හරිම අසරණයි. එබැවින් දරුවාට දීමට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර හා වෙනත් අවශ්‍ය දේවල් ලබා දීමට අපට වත්කමක්‌ නැහැ. සැමියාටද වැඩ කිරීමට හරිහැටි අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ.

එබැවින් විශාල කරදර රාශියකට මුහුණපෑමට සිදුවී ඇති මෙම දුක්‌බර අවස්‌ථාවේදී අපට ආධාර උපකාරයක්‌ කිරීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පින්කමක්‌ යෑයි ලීලාවතී මහත්මිය කීවාය. ඇයගේ ලිපිනය, ලීලාවතී කොඩිතුවක්‌කු, කොස්‌ගහදෙනිය, වලගෙදර (මතුගම හරහා). දුරකථනය ලීලාවතී මහත්මිය 0345715396, දුරකථනය - ග්‍රාම නිලධාරී උපුල් - 0714458089


2014.05.27  - Divaina