Wednesday, May 28, 2014

පුංචි හිරුෂාන් සැත්කමට ආධාර පතයි

ඡේ. හිරුෂාන් හය හැවිරිදි කෙළිලොල් සුරතල් දරුවෙකි. ඒ දරුවා කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයෙන් පීඩා විඳී.

මාස හතේදී පමණ රෝගය හඳුනාගත් පසුව විශේෂ ජැකට්‌ටු මගින් රෝගය පාලනය කළ අතර පසුව රුපියල් ලක්‍ෂ පහළොවක්‌ වැය කර ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී පළමු සැත්කම සිදුකර ඇත.

පියා ඇඳුම් මසා ජීවිතය ගැට ගසා ගන්නා අතර මවට රැකියාවක්‌ද නැත. මෙම දරුවා දැනට මාර/පට්‌ටිගල කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටින අතර දරුවාගේ වැඩීමට සමගාමීව කොඳු ඇට පෙළ ආශ්‍රිතව තවත් සැත්කමක්‌ කළ යුතු බවට ඇපලෝ රෝහල් කොඳු නාරටි පිළිබඳව විශේෂඥ වෛද්‍ය සාජන් කේ. හෙ- මහතා නිර්දේශ කර ඇත.

ශල්‍යකර්මය නොමිලේ කරදීමට වෛද්‍යවරයා කැමැත්ත පළ කළද දරුවා රෝහල්ගත කිරීම ඇතුළු වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හයක්‌ පමණ වැයවෙතැයි ගණන් බලා තිබේ.

මේ දරුවාගේ වටිනා ජීවිතය බේරාගෙන ඔහු නීරෝගී දරුවකු වනු දැකීමට කැමති පරිත්‍යාගශීලීන්ට ඌරුබොක්‌ක හැටන් නැෂනල් බැංකුවේ දරුවාගේ පියා වන ෙ-. මෛත්‍රීදාස මහතාගේ නමින් ඇති අංක 199020022960 දරන ගිණුමට මුදල් බැර කළ හැකි අතර දුරකථන අංක 0783624315 071-2859552, 0719633943 යන දුරකථන අංක ඔස්‌සේ මේ පිළිබඳ වැඩිදුර විස්‌තර ලබාගත හැකි බව පියා පරිත්‍යාගශීලීන්ට කාරුණිකව දන්වා සිටී.



2014.05.29 - Divaina

No comments: