
තරුණ වියට පා තබා ඇතත් මොළය නොවැඩීම නිසා කරන කියන කිසිවක් අවබෝධ නොවෙයි. නැගිටීමට කතාකිරීමට තබා ඉඳගැනීමටවත් නොහැක. සියලුම ආවතේව කළ යුතු වන්නේ පියා සහ මව විසිනි. වැඩුණු ශරීරයකින් යුතුවීම නිසා ආවතේව කිරීමේදී මවට පමණක් ඔහු එසවීමට නොහැකි නිසා පියාද ඔහු වෙනුවෙන්ම කාලය ගත කළ යුතුව ඇත.
රජයෙන් ලැබුණු ඉඩමක යන්තමින් අටවාගත් පැල්පතක ආබාධිත පුතණුවන්, වැඩිවිය පත් දියණියන් තිදෙනකු හා මාපිය දෙදෙනා ඇතුළු හයදෙනකු දැඩි අපහසුතා මත ජීවත් වන අතර ආබාධිත දරුවා ආහාර නොගන්නා බැවින් මසකට කිරි පැකට් අටක් සඳහා ද වියදම් කළ යුතුව ඇති බැවින් පින්වත් ඔබගේ ආධාරය ලැබේනම් සහනයක් බව ආබාධිත දරුවාගේ පියා ඉල්ලීමක් කරයි.
වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ Divaina 2013.12.10
No comments:
Post a Comment