
වැලිපිටිය ප්‍රා. ලේ. කොට්‌ඨාසයේ නිවිතිවැල් බොක්‌ක ග්‍රාම නිලධාරී වසමේ නිවිතිවැල්බොක්‌ක, කනංකෙ කඩවීදිය යන ලිපිනයේ පදිංචි එච්. එම්. ටී. ටී. සෙව්වන්දි වෛද්‍යතිලක නමැති අවු. 01 මාස 09 වයසැති මේ කුඩා දියණිය උපතින්ම ශ්‍රවණාබාධිතය. මෙතෙක් කරාපිටිය ශික්‍ෂණ රෝහල, කොළඹ ළමා රෝහල යන ස්‌ථානවලින් කළ පරීක්‍ෂණයන්ට අනුව මෙම තත්ත්වය ප්‍රතිකාරවලින් සුවකළ නොහැකි බැවින් ඒ සඳහා ශ්‍රවණාධාර උපකරණයක් සම්බන්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.
ඒ සඳහා වැය වන මුදල රු 4,50,000 ක් බවට ගණන් බලා ඇති අතර ස්‌ථිර රැකියාවක් නොමැති දියණියගේ පියා වන ජයන්ත වෛද්‍යතිලක මහතාට එතරම් විශාල මුදලක් සොයා ගැනීම විශාල ගැටලුවකි.
එබැවින් මෙම දැරිය සුවකර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඉමදුව ලංකා බැංකුවේ 71658519 ගිණුමක් ආරම්භ කර ඇත. ඔබගේ ආධාර එම ගිණුමට බැරකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටී. 0724576742 දුරකථන අංකයෙන් වැඩි විස්‌තර ලබාගත හැක.
2011.07.26 - Divaina
No comments:
Post a Comment