Monday, June 27, 2011

කබලෙන් ළිපට වැටුණු අපට ඔබවත් පිහිට වන්න

කෝකියකු වශයෙන් සේවය කළ ලුනාව උයන ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. චන්ද්‍රදාස සහ බිරිඳ සුනාමියට හසුවීමෙන් සියලු සේසත අහිමි විය. යැමට තැනක්‌ නොමැති වූයෙන් යළි මුහුදු තීරයේම පදිංචිව සිටිමින් රැකියාවට යද්දී රිය අනතුරකට ලක්‌වීමෙන් කවුරු හෝ ඔහුව කළුබෝවිල රෝහලට භාර දී ඇත. ඉන් මසකට පමණ පසුව ඔහු මියගිය අතර අද වනතුරු රියට යට කළ කෙනෙක්‌ නොමැත. මොවුන්ගේ එකම පුතා විවාහ වී පිරිමි දරුවකුද සිටියදී බිරිඳ ඔහු අතහැර ගියෙන් ඒ දුකෙන්ම පුතා මියගියේ පුතාගේ පුතා (මුනුබුරා) අම්මට භාරදීමෙනි.

දරුවන් ගඟට දමන, දරුවන් අතරමග දමායන දරුවන් මුදලට විකුණන අම්මාවරුන් සිටින රටක මේ ආච්චී මුනුබුරාව අතරමං කළේ නැත. ඔහුගේ බරද කරට ගෙන ඇය කොස්‌ වෙළෙ¹ම ආරම්භ කළාය.

මේ අතර හෘද රෝගයෙන් පෙළෙන රෝගියකු වන බවට ඇය පත්ව ප්‍රතිකාර ගැනීමට සිදුවී ඇත. ඔවුන් සිටිනා නිවසට පිනට කැමැති නෝනා කෙනෙකු වසරක කුලී ගෙවා තිබුණ අතර ලබන මාසයේදී එම නිවසින් යැමට සිදුවී ඇත.

සමෘද්ධියද නොලැබෙන ඇයට පින් පඩියක්‌ද නොලැබේ. සුනාමියට හසු නොවුණ අයටත් නිවාස ලැබී ඇති අතර තමන්ට එවැනි දෙයක්‌වත් නොලැබුණු බව ඇය පවසන්නීය.

නැති බැරි අයට උදව් කරන සමිති සමාගම් ඇති, අනුන්ට උදව් කිරීමට කැමැති පින්වතුන් සිටන රටක තමන්ට ආධාර ලැබෙතැයි විශ්වාසයකින් සිටින ලීලාවතී මහත්මිය බැංකු ගිණුමක්‌ ආරම්භ කර ඇත. වීදියගේ ලීලාවතී ප්‍රනාන්දු අංක. 191-2-002-5-2808047 රාවතාවත්ත මහජන බැංකුවේ ගිණුමට ආධාර එවීමෙන් ඔබට මෙම පින්කමට දායක වීමට හැකිවනු ඇත.

මොරටුව - හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌ - දිවයින - 2011.06.28

1 comment:

දුකා said...

මල්ලී . . ඔයා කරන මේ වැඩේ නම් මාරම ලොකු වැඩක් . . .

ඒත් කනගාටුවෙන් වත් කියන්න තියෙන්නේ මේක අපි එකතු වෙලා මීට වඩා ක්‍රමවත් විදිහකට කරන්න පුලුවන් නම් සහෙන දෙනෙක්ට සමාජයට ලොකු දෙයක් කරන්න පුලුවන් වැඩක් වෙයි.

මෙහෙමයි . .

මේ වගේ පෝස්ට් එකක් දැක්කට කිසි කෙනෙක් මේ ගිනුම් අංකයට සල්ලි යවයිද කියලා සැකයි . .

ෆේස්බුක් එකේ හරි කමක් නෑ පොඩි සංවිධානයක් වගේ එකතු වෙලා මේ තොරතුරු නිවරදි බව සහතික කරන්න පුලුවන් උනොත් ඇත්තෙන්ම මේ අයගේ ගිනුම් වලට කවුරු නමුත් කීයක් නමුත් යවාවී . .