Sunday, July 27, 2014

වකුගඩු රෝගියා ආධාර පතයි

වැලිමඩ, ගුරුතලාව, හිඟුරුගමුව "සිසිකිරණ" ලිපිනයෙහි පදිංචි නුවන් රත්නායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ලේ පිරිසිදු කිරීමේ ප්‍රතිකාරයෙන් පසු වකුගඩුවක්‌ බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්. එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත.

ශල්‍යකර්මය හා අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් අවශ්‍ය ඖෂධවලටත් ඉතා විශාල මුදලක්‌ අවශ්‍ය වුවත් එම මුදල් සපයා ගැනීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අපහසු බැවින් නුවන් රත්නායක මහතා ඒ සඳහා පරිත්‍යාගශීලී ඔබගේ ආධාර බලාපොරොත්තු වේ. සම්පත් බැංකුවේ වැලිමඩ ශාඛාවේ ඒ මහතා නමිත් ඇති ගිණුම් අංක 108153766814 ට ඔබේ මුදල් පරිත්‍යාග ලබාදිය හැකි අතර 0575611666, 0711235077, 0716296477 යන දුරකථන අංකවලින් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.


2014.7.28- divaina

1 comment:

තිස්ස දොඩන්ගොඩ said...

මෙච්චර කාලයක් තිස්සේ මේක නොදැක්කට මට සමාවෙන්න.....