Wednesday, July 2, 2014

"ඕ" පොසිටිව් වකුගඩුවක්‌ ඕනෑ



කුරුවිට දෙල්ගමුව මිහිඳු මාවතේ පදිංචි ඩබ්. ඒ. හේමන්ත බන්දුල, මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.

ඔහුට ප්‍රතිකාර සිදුකරන කොළඹ මහ රෝහලේ වෛද්‍ය ඒ. එල්. ඇම්. නසාර් මහතා පවසා ඇත්තේ ඔහුගේ වකුගඩු දෙකම නරක්‌වී ඇති බවයි. ඒ නිසා ජීවිතය බේරා ගැනීමට මාස දෙකක්‌ ඇතුළත නව වකුගඩුවක්‌ බද්ද කළ යුතු බවද දන්වා ඇත. කලක්‌ අනුරාධපුර ප්‍රදේශයේ ගොවියකු ලෙස ක්‍රියා කළ ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. තම පුතාගේ ජීවිතය රැක ගැනීමට පරිත්‍යාගශීලි පුද්ගලයකුගෙන් ""ඕ"" පොසිටිව් වර්ගයේ වකුගඩුවක්‌ ලබාදෙන ලෙස ඔහුගේ මව වන බන්දුවතී හපුගොඩ මහත්මිය ඉල්ලා සිටියි. ඔහු සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක මෙසේයි. 075-6258300, 072-4378866.



පරකඩුව - ඇහැලියගොඩ - බී. ජී. විමලවංශ
Divaina 2014.7.4 

No comments: