Sunday, July 27, 2014

තිදරු පියාගේ ජීවිතය ඔබේ අතේ


රත්නපුර, පොම්පකැලේ 71/C ජලාශය පාරෙහි පදිංචි, එම්. එස්‌. එස්‌. කුමාර මහතා වසරක පමණ කාලයක්‌ තිස්‌සේ පිළිකා රෝගයට ගොදුරු වී ඉතා අසනීප තත්ත්වයෙන් පෙළේ. වෛද්‍ය උපදෙස්‌ මත රු. ලක්‍ෂ අටක්‌ පමණ වියදම් කොට ඔහු සඳහා ඉන්දියාවෙන් පවා ඖෂධ ගෙන්වා ගැනීමටද සිදුවී තිබේ. දැනට සතියක්‌ පාසා රු. 8600 ක්‌ වැය කොට එන්නතක්‌ ලබා ගැනීමටද සිදුවී ඇත.

තවත් මාස 3 කින් පමණ යළිත් රු. ලක්‍ෂ 6 ක්‌ පමණ වියදම් කොට ශල්‍යකර්මයක්‌ කළ යුතුව ඇත. පාසල් වියේ පසුවන දරුවන් තිදෙනකුගේ පියකු වන කුමාර මහතාට ප්‍රතිකාර වෙනුවෙන් මුදල් සොයා ගැනීම ඉතාම දුෂ්කර වී තිබේ. රත්නපුර කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8490031915 දරන ගිණුමට පරිත්‍යාගශීලී ඔබට ඔහු වෙනුවෙන් යම් මුදලක්‌ බැර කිරීමට හැකි නම් මහඟු උපකාරයකි.


2014.07.28- Divaina

No comments: